Header Ads

test

"පළාත් සභා ගුරුවරු බඳවා ගැනීම් නතර කරනවා."

Loading...
ඉදිරියේදී පළාත් සභාවලට අදාළව ගුරුවරු බඳවා ගැනීම නතර කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පුහුණු විනයක සහිත ගුරුවරුන් අධ්‍යාපන ක්ෂේත්‍රයට එක්කර ගැනීමට කටයුතු යොදමින් තිබෙන අතර ඉදිරි වසර 05කින් පසු මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නුපුහුණු ගුරුවරුන් නොමැති වන බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.
 මෙම වසරේ දී පමණක් අධ්‍යාපන විද්‍යා පීඨවලින් පුහුණු ගුරුවරු 10,000ක් පමණ අධ්‍යාපන ක්ෂේත්‍රයට එකතුවීමට නියමිත බව අගමැතිවරයා කියාසිටියේය.
තවත් විද්‍යා පීඨ දෙකක් සෑදීමට සැලසුම් කර ඇති අතර එය තුනක් දක්වා වුවද වැඩි විය හැකි බව හෙතෙම පැවසීය.
විශ්ව විද්‍යාලවලද නේවාසිකාගාර පහසුකම් වැඩි කර ඇති අතර නව වෛද්‍ය පීඨ තුනක් සහ ඉංජිනේරු පීඨ දෙකක් ඇති කළ බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
වෘත්තීය පුහුණුද වැඩිදියුණු කළ බව හෙතෙම කියාසිටියේය.
" මේ වෙද්දී මත්ද්‍රව්‍ය මැඩලන්නත් වැඩසටහන් කරගෙන යනවා. රටේ විනය, සංවර්ධනය හදන එක පැය 24න් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ ගමන තව අවුරුදු පහ හයක් කරගෙන යනවා නම් අපි ගොඩ එනවා."අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළේ 2019 යොවුන් පුරය වැඩසටහනේ සමාප්ති උත්සවයට එක්වෙමිනි.

No comments