Header Ads

test

RDB බැංකුවේ සංවර්ධන සහාකාර තනතුරට නවබදවා ගැනිම් 16.


Loading...

ප්‍රදේශිය සංවර්ධන බැංකුවේ සංවර්ධන සහාකාර තනතුරට නව නිලධාරීන් 350ක් බදවා ගැනිමට බැංකුවේ කලමණාකාර මන්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇතිබව සදහන් වේ.ඒ අනුව මෙම නව පත්වීම් ප්‍රදානය අප්‍රෙල් 16ත් - අප්‍රෙල් 25ත් අතර දිනයකදි සිදුකිරීමට සැලසුම් කරතිබෙන බව RDB බැංකුවේ මානව සම්පත් පිළිබඳ ජේශ්ට කලමණාකාරවරයෙක් අපකල විමසීමකදී පැවසීය.

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ~ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) විසින් කළ පහත් පෙළේ තුප්පහි, අමන, තිරිසන් සංවර්ධන ක්‍රියාවක්..! ~

    ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කොළොන්නාව ශාඛාව පවත්වාගෙන යාමට වසර දෙකකට අධික කාලයක් පුරා සුදුසු ස්ථානයක් නොමැති කමින් කොළොන්නාව ශාඛාවට හිතවත් ගනුදෙනුකරුවෙකුගේ පැරණි නිවස කඩා දමා බැංකුව විසින් දෙන ණය මුදලක් මාර්ගයෙන් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර එහි පළමු මහල ගනුදෙනුකරුගේ නිවස සඳහා ද දෙවැනි මහල බැංකු ශාඛාව සඳහා ද ලබා දෙන ලෙස පවසමින් කොළොන්නාව ශාඛාව විසින්ම ගනුදෙනුකරුට යෝජනාවක් කරනවා. ඒ වෙනුවෙන් බැංකුව ගනුදෙනුකරුට ගොඩනැගිලි කුලියක් ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ලබා දෙන ණය මුදල ගොඩනැගිලි කුලියට කපා හැරීමයි කරන්නේ. ගනුදෙනුකරු ඔහුට ලැබෙන ප්‍රතිලාභ සලකා බලා ඊට එකඟ වී නව ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා කොළොන්නාව ශාඛාවේ කළමනාකාරවරිය විසින්ම ලබාදෙන ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකු මාර්ගයෙන් තම නිවස කඩා දැමූ පසු ඔවුන් මෙම ස්ථානය ඔවුන්ට නුසුදුසු බව පවසමින් නව ගොඩනැගිල්ල ඉදිකිරිම නතර කර දමනවා.

    ඉන් පස්සේ කියන්නේ කඩා දැමූ නිවස වෙනුවට නව නිවසක් ඉදිකරගැනීම වෙනුවෙන් නැවත ගනුදෙනුකරු විසින් සිය මුදලින් ගෙවිය යුතු වන සාමාන්‍ය බැංකු ණයක් ලබා දිය හැකි බවයි. නමුත් ඇත්තටම ඔවුන් මේ ගොඩනැගිල්ල ඉදි කිරීම අතරමඟ නතර කර දමන්නේ මෙම ස්ථානය නුසුදු නිසා නෙමෙයි, හිටපු සභාපතිවරිය වන කේෂලා ජයවර්ධන, හිටපු ප්‍රාදේශීය සාමාන්‍යධිකාරී (බස්නාහිර පළාත) A. H. M. B. ජයසිංහ සහ කොළොන්නාව ශාඛාවේ සේවකයෙකු වන සරත් ආනන්ද (මෙම කළු ගනුදෙනුව සැලසුම් කළ මහ මොළකරු) විසින් ලක්ෂ 25 ක් වැනි ඉහල අල්ලස් මුදලක් ලබාගෙන වෙනත් මරක්කල ව්‍යාපාරිකයෙකුගේ ගොඩනැගිල්ලක් ඉහල කුලියක්ද ගෙවමින් ලබා ගැනීමට සැලසුම් කිරීම නිසා. අන්තිමට ඒ ගනුදෙනුව සැලසුම් කළ විදිහටම වෙනවා. සභාපතිවරිය සියලුම වැරදි බැංකු කළමනාකාරවරිය වෙත පවරලා අත පිහිදා ගන්නවා. තමන්ගේම කියල හිසට වහලක් තිබුණ අර මනුස්සයට නඩුවක් කියවන්නවත් සතයක් අතේ නැති කරලා අන්තිමට හිසට වහලක් නැති කරලා, පවුලක් පිටින් මුන් මහ මඟට ඇදල දැම්මා. නිවස අහිමි වීමේත්, යළි නිවසක් ඉදිකරගත නොහැකි වීමේත් සිත් වේදනාව නිසාම ඔහු දෙවරක් සියදිවි හානි කරගන්නට උත්සාහ කරනවා. අල්ලස් ගත්ත අපරාධකරුවන් තවමත් නිදැල්ලේ.

    පොලීසිය, ජනාධිපති කාර්යාලය, ශ්‍රී ලංකා මහ බැංකුව වැනි ආයතන වලට කරපු පැමිණිලි වල සහ තවත් පාර්ශව වල මැදිහත්වීමේ ප්‍රතිඵලයක් විදිහට කරපු බැංකුව වරද පිළි අරගෙන ගනුදෙනුකරුට නිවසක් ඉදි කරගැනීම වෙනුවෙන් වන්දියක් ලබා දීමට සිදු වෙනවා. ගනුදෙනුකරු නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් පමණක් ලක්ෂ 20 ක් ඉල්ලා සිටියත් එයින් වසර 4 ක් පුරා මෙතෙක් ලබා දී ඇත්තේ ලක්ෂ 7 ක මුදලක් පමණයි. එයද බැංකුවේ මුදලින් නෙමෙයි, හිටපු කළමනාකාරවරියට ලබාදෙන ඇයගේ වැටුපෙන් අයකර ගන්නා ණය මුදලක් මාර්ගයෙන්. ඉතිරි වන්දි මුදල ලබා දීම බැංකුව විසින් හිතාමතාම ඕනෑකමින්ම වසර 4 පුරා පැහැර හරිනවා. බැංකුව මාධ්‍ය ආයතන වලට මුදල් ලබා දී මේ ගැන එළි කිරීම වළක්වමින් ඔවුන්ගේ කට වහනවා.

    පසුව සාධාරණයක් ඉටු කරගැනීම වෙනුවෙන් දූෂණ විරෝධී පෙරමුණ, බරපතල වංචා කොමිසම, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, නීති ආධාර කොමිෂන් සභාව, පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාව වැනි ආයතන කිහිපයකටම මෙම අසාධාරණය යොමු කළත් ඒ හැම ආයතනයකින්ම ගනුදෙනුකරුට සාධාරණයක් ඉටු වන්නේවත් සාධාරණයක් ඉටු කිරීමට බැංකුව අද වනතුරු මැදිහත් වන්නේවත් නැහැ.

    ශ්‍රී ලාංකිකයන් දෙපයින් නගා සිටුවන බව පවසමින් ඔවුන්ගේ ලේ උරා බොන මේ RDB හොර ගුබ්බෑයමේ මුදල් තැන්පත් කර තවත් ශ්‍රී ලාංකිකයන් මහ මඟට වට්ටනවාද???

    https://www.facebook.com/rdb.palhoru/

    ReplyDelete