Header Ads

test

ගිනි අවි,ආයුධ,ව්‍යාජ හැඳුනුම්පත්,පාස්පෝට්,තවුහිද් ලේඛන රැසක් සමග අකුරණදී 13ක් දැලේ.


Loading...

මහනුවර අකුරණ ප‍්‍රදේශයේ ඊයේ (01 දා) කළ සෝදිසි මෙහෙයුමෙන් සැකකරුවන් දහතුන් දෙනකු ඇතුළු සැකකටයුතු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ‍්‍රී ලංකා යුද හමුදා 11 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර මහතාගේ උපදෙස් මත සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී ගිනි අවි කොටස්, කඩු, කිණිසි, කෙටේරි, ව්‍යාජ පුද්ගල හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත‍්‍ර, වාහන අංක තහඩු, අන්තර්ජාල තාක්ෂණ උපකරණ, සංයුක්ත තැටි, ව්‍යාජ උප්පැන්න සහතික සහ අධ්‍යාපන සහතික පත‍්‍ර තොගයක් සහ තවුහිද් ජමාත් සංවිධානයට අයත් ලිපි ලේඛන තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
 මෙම සෝදිසි මෙහෙයුම සඳහා පල්ලෙකැලේ යුද හමුදා කඳවුරේ සෙබළුන් පනහකට ආසන්න පිරිසක් සහභාගි වී සිටි අතර තවදුරටත් සෙසු ප‍්‍රදේශවල සෝදිසි මෙහෙයුම් පැවැත්වීමට නියමිතය.
-දිවයින පුවත්පත

No comments