Header Ads

test

ජනපතිට විරුද්දව රටපුරා පන්සල්වලට රාජ්‍ය විරෝධී කැලෑ පත්තර තැපැල් කරමින් සිටියදී ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල නිළධාරින් අත්අඩංගුවේ..


Loading...

පසුගිය පාස්කු ඉරිදා දිනයේ රට පුරා ස්ථාන කිහිපයකට බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ලද ජාතික දවුහිද් ජම්මාද් සංවිධානයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීප ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු සම්බන්ධ යයි සදහන් ලිපි දහසක පමණ ප‍්‍රමාණයක් රට පුරා ප‍්‍රධාන විහාරස්තාන වෙත තැපැල් කිරීමට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී තැපැල් කිරීමට සූදානම් වූ අවස්ථාවේ අත්අඩංගුවට ඇති පුද්ගලයන් දෙදෙනෙකු ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ කටයුතු කරන්නන් වෙයි.
ඉන් දෙදෙනෙක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ සහ අනෙක් සැකකරු මාර්ග සංවර්ධන අධිකාරියේ මාද්‍ය ඒකකයේ වෙයි.

රාජ්‍ය විරෝධී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස මෙසේය.

සම්පත් කුමාර – මාර්ග සංවර්ධන අධිකාරිය
ඩබ්.එම්.ඩී.පී. බණ්ඩාර – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
පටබැදිගේ කවිදු තක්ෂිල වීරසේකර – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
එම ලිපිය පහත දැක්වේ.




-Lankasinhalanews.

No comments