Header Ads

test

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් රෝගීන්ට හොර බෙහෙත්,කුඩා දරුවන්ට ලබාදෙන ඖෂධත් ඒ අතර.

Loading...
අනුමත නොකළ ඖෂධ රැසක් ආනයනය කර එහි ලේබල් වෙනස් කර නවතම ඖෂධ ලෙස රජයේ රෝහල් වෙත නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය රෝගී ජනතාවට අසාධාරණයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කළේය.

 මෙම ඖෂධ අතර කුඩා දරුවන්ට ලබාදෙන ඖෂධ ද ඇතැයි සඳහන් කළ ඒ මහතා මෙම ජාවාරම සම්බන්ධව ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින්ට පැමිණිලි 11 ක් ඉදිරිපත් කර ඇතත් ඒ පිළිබඳව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් පැවැත්වූ බවට දැනගන්නට නැතැයිද හෙතෙම පැවසීය.

 මෙම ඖෂධ ජාවාරමෙන් සිදුව ඇති පාඩුව මහ බැංකු බැඳුම්කර වංචාවෙන් සිදු වූ පාඩුවට වඩා දරුණු යැයි ද කීවේය.

 හෙතෙම මේ තොරතුරු අනාවරණය කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් සමග අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන ස්වාමීන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.na
-Divaina

No comments