Header Ads

test

ඔස්ටේ‍්‍රලියා යන විස්සයි විස්ස පිලේ නායකත්වය ලසිත් මාලිංගට.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා විස්සයි විස්ස පිල පාකිස්තානයට එරෙහිව ඉතිහාසයේ පළමු තරගාවලිය ජය ගත්තද එළැඹෙන ඔස්ටේ‍්‍රලියානු සංචාරයේ නායකයා වශයෙන් ලසිත් මාලිංග කටයුතු කරන බව ක‍්‍රිකට් තේරීම් කමිටු ප‍්‍රධානී සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.

 ‘‘දසුන් ශානක නායකයකු වශයෙන් ඉතාමත් හොඳින් මේ තරගාවලිය මෙහෙයවූවා. නායකයකු වශයෙන් අවශ්‍ය හැම ගුණාංගයක්ම ඔහු ල`ග තියෙනවා. ඒ වගේම ඉතාමත් උනන්දුවෙන් ඔහු ක‍්‍රීඩා කරනවා. නමුත් අපි ලෝක කුසලානට ස්ථිර නායකයකු පත්කරලා නැහැ. තරගාවලියෙන් තරගාවලියට තමයි අපි නායකයා ගැන තීරණය කරනු ලබන්නේ.’’

 කෙසේ වෙතත් මේ මස 27 වැනිදා සිට නොවැම්බර් 1 වැනිදා දක්වා ඔස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කවුරුන්ද යනුවෙන් විමසන ලදුව අසන්ත ද මෙල් මහතා පවසන්නේ මෙවැනි අදසකි.

 ‘‘ලෝක කුසලානට ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයන් සහ නායකයා කවුද කියලා අපිට තවම කියන්න බැහැ. කොහොම වුණත් දැනට තීරණය කරලා තියෙන්නෙ ඔස්ටේ‍්‍රලියානු සංචාරයේ විස්සයි විස්ස නායකයා වශයෙන් යන්නෙ ලසිත් මාලිංග. දසුන් ශානකටත් අවස්ථාව තියෙනවා මාලිංග වැනි කී‍්‍රඩකයකු සමුගැනීමෙන් පසුව නායකත්වය දරන්න. ඒත් දැන්ම කියන්න බැහැ ලෝක කුසලාන නායකයා කවුද කියලා.’’

 ඔස්ටේ‍්‍රලියානු සංචාරයට සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායමට අලූතින් ක‍්‍රීඩකයන් හතර දෙනෙකු පමණ එක්වීමට නියමිතව ඇති බවද ඔහු පවසයි. ‘‘අපිට දැන් ස්ථිර ආරම්භක පිතිකරුවකු ඉන්නවා. ධනුෂ්ක ගුණතිලක. ඒ වගේම අංක තුනට භානුක රාජපක්ෂ ඉන්නවා. කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරාට කණ්ඩායමට එන්න පුළුවන් වෙයි. මීට අමතරව දික්වැල්ලටත් කණ්ඩායමට එන්න හැකියාව තියෙනවා.’’ යනුවෙන් අසන්ත ද මෙල් මහතා පැවසීය.
-දිවයින පුවත්පත.

No comments