Header Ads

test

සජිත්ගේ රැස්‌වීමට පැමිණි පුද්ගලයෙක්‌ බසයෙන් වැටී රෝහලේ,බිම ඇද වැටෙන අවස්‌ථාවේ බස්‌ රථය ඔහු නොදැක නොනවත්වා ධාවනය කරලා

ගාලු මුවදොර පිටියේ පැවැත්වුණු එක්‌සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැලියට සහභාගි වීම සඳහා අධාරකරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස්‌රථයක සිටි ආධාරකරුවකු පස්‌යාල මංසන්දියේදී බසයෙන් වැටී තුවාල ලබා වතුපිටිවල දිස්‌ත්‍රික්‌ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

 මැණික්‌දිවෙල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු මෙසේ තුවාල ලබා ඇත.

 හි`ගුරක්‌ගොඩ ප්‍රදේශයේ සිට ගාලු මුවදොර පැවැත්වෙන මංගල රැලියට සෙනග ප්‍රවාහනය කරමින් සිටි බස්‌රථයක අධික සෙනගක්‌ ගමන් කර ඇති අතර පස්‌යාල මංසන්දියේ ඇති විශාල වංගුවේදී ඇති වූ අධික තෙරපුම නිසා මෙම පුද්ගලයා බසයෙන් බිමට වැටෙන්නට ඇති බවත් පුද්ගලයා බිමට ඇද වැටෙන අවස්‌ථාවේ බස්‌ රථය ඔහු නොදැක නොනවත්වා ධාවනය කර ඇති බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

 1990 සුවසැරිය රථ සේවය ඔස්‌සේ මෙම පුද්ගලයා රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබිණි. ඔහුගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවසීය.
දිවයින පුවත්පත.

No comments