Header Ads

test

තම මුඛය ‘ශ‍්‍රී මුඛයක්’ යයි සජිත් කියයි,බුදුන්ට අපහාස කලේ යයි සමාජ ජාලාවලින් දැඩි ප‍්‍රහාර.


තමන් ජනාධිපති වූ පසු මෙරට එක බිම් අගලක්වක්වත් විකුණන්නේ නැතැයි එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

අපේකම, රටේකම, සංස්කෘතිය, සභ්‍යත්වය රජයන යුගය තමන් විසින් ආරම්භ කරන බවද ඔහු පැවසීය.

වෙන කිසිවෙකුගේ මුවින් නොව තමන්ගේ ශ‍්‍රී මුඛයෙන් මෙම ප‍්‍රකාශ සිදු කරන බවද ඒ මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ සිරිකොත එජාප මූලස්ථනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඇමතිවරයා විසින් සිදු කරන ලද ‘ශ‍්‍රී මුඛය’ යන ප‍්‍රකාශයට සමාජ ජාලාවල දැඩි විරෝධයක් එල්ල වන්නේ එය බුදුන්වහන්සේට පමණක් භාවිත කරන්නක් යයි පෙන්වා දෙමිනි.

No comments