Header Ads

test

ජනාධිපතිවරණයට ඡන්දය දාන්න විදෙස්ගත ලාංකිකයෝ පෝලිමේ එති,ගුවන් ආසන වෙන් කිරීමේ තදබදයක්.


ඔක්තෝම්බර අවසන් සතියේ සහ නොවැම්බර් මාසයේ මුල් සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානාවල ආසන සදහා ඉහල ඉල්ලුමක් ලැබී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ ගුවන් යානා ආසන වෙන් කරන වෙබ් අඩවි නිරීක්ෂණය කිරීමෙන් ඒ බව පැහැදිලිව පෙනී යයි.

නොවැම්බර් මස 16 වැනිදාට යෙදී ඇති ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට විදේශගත ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීමට මෙම තත්වයට හේතු වී ඇත.

මේ හේතුවෙන් ඇතැම් ගුවන් සමාගම් මෙම කාලසීමාවේදී ශ්‍රී ලංකාව සඳහා අමතර ගුවන් වාර යෙදවීමට අවදානය යොමු කර ඇත.
-Lankacnews

No comments