Header Ads

test

ගෝඨාට තලතාගෙන් අභියෝගයක්.


අධිකරණය ස්වාධීන බව හිටපු ජනාධිපතිවරයා පවසනවා නම් ඒ සම්බන්දයෙන් සතුටු වෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් ජනාධිපතිවරණ ප්‍රධාන කාර්යාලය රත්නපුර වෙරලුප ප්‍රදේශයේ දී විවෘත කිරීමේ අවස්ථාවට අද (07) පෙරවරුවේ එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
එක්සත් ජාතික පක්ෂය රට අමෙරිකාවට විකුණන බවට සහ අමෙරිකාවත් සමඟ සෝපා ගිවිසුම අත්සන් කරන බවට චෝදනා කරන පිරිසම අමෙරිකාවෙන් ගෙනා කෙනෙකු ජයග්‍රාහණය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය පැවසීය.
මේ පිටුපස තියෙන කුමන්තුණය කුමක්ද යන්න තමන් විමසන බවද අමාත්‍යවරිය ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව තනිවම වේදිකාවකට හෝ රූපවාහිනි විවාදයකට පැමිණේන ලෙසට තමන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කරන බවද අමාත්‍යවරිය අවධාරණය කරයි.
-Ada derana.

No comments