නොවැම්බර් 18 ගෝටා ජනපති ලෙස දිවුරන සුබ නැකත සකසා අවසන්,මහින්ද අගමැති වන නැකතත් එදාටම සූදානම්,බහුතරය සූදානම්..
නොවැම්බර් 18 වැනි දින 07 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීම සඳහා ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ වේලාවක් බලා ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
18 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස දිවුරුම් දී සුළු මොහොතකින් මහින්ද රාජපක්ෂ මහතා ද අගමැතිවරයා ලෙස දිවුරුම් දීම සදහා සුබ මොහොතක් යොදාගෙන අවසන් යයිද ඔහු පැවසීය.
පාර්ලිමේන්තුව තුළ බහුතර බලය සකස්කර ගැනීම සඳහා මේවා විටත් සියළු කටයුතු සූදානම් කර අවසන් යැයි ද පැවසූ ඔහු නොවැම්බර් 18 වැනි දින ස්ථිර වශයෙන්ම රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරයෙන් ද ඉවත් කරන බව සඳහන් කළේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.
-lankacnews

Post a Comment