Header Ads

test

සමුළුවට යන අයට රතු එළි චන්ද්‍රිකා ගැන ශ‍්‍රීලනිප තීන්දුව අද 7.00 ට - දයාසිරි.

පක්‍ෂ තීරණයට එරෙහිව ගොස් එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළකිරීම සඳහා ගිවිසුමකට අත්සන් කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසට එරෙහිව ගතයුතු ක‍්‍රියාමාර්ග තීරණය කිරීමට අද (05 දා) පක්‍ෂ මධ්‍යම කාරක සභාව රැුස්වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද සවස 7.00 ට පැවැත්වෙන පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ඔවුන්ට එරෙහිව ගන්නා විනය පියවර තීරණය කරන බවද මහලේකම්වරයා සඳහන් කළේය.

එසේම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ පක්‍ෂයෙන් ඉවත් කරන ලද සංවිධායකවරුන්ගේ සහභාගිත්වයෙන් අද සුගතදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන බව කියන සමුළුවට මන්ත‍්‍රීවරුන් පළාත් සභා සහ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් සංවිධායකවරුන් සහභාගි වුවහොත් ඔවුන්ටද එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවද මහලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය ලබාදීමට තීරණය කරනු ලැබුවේ පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ ඒකමතික අනුමැතිය මත බවත් එසේ තීරණයක් ගෙන තිබියදී එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය ලබාදීමට ගිවිසුම්වලට එළඹීම සම්පූර්ණයෙන් විනය විරෝධී බවත් කී මහලේකම්වරයා මීට පෙරද පක්‍ෂ ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසට එරෙහිව තීරණයක් ගැනීම සඳහා මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡුා කිරීමට නියමිත බවද කීවේය.
අරුණ බෝගහවත්ත

No comments