ගෝටාට විරුද්ද නිදහස් චතුරස්‍ර උපවාසකාර භික්ෂුව රාත්‍රියේ පැන යයි,ඇබිත්තයෙක් ටෙම්පරිය අදී.
කොළඹ නිදහස් චතුරස්රයේදී ඊයේ දිනයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් ඊයේ රාත්‍රියේ එම ස්ථානය අතුරුදන් වී තිබේ.
හිමිනම වෙනුවට එම ස්ථානයේ ගිහියෙකු පමණක් සිටිනු දක්නට ලැබින.
අද පෙරවරුව වන විට නැවතත් උන් වහන්සේ උපවාස ආසනයේ අසුන්ගෙන සිටියේය.
උන් වහන්සේ උපවාසයේ යෙදෙන්නේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නීතිමය ලියවිලි ප්‍රසිද්ධියට පත් කරන්නැයි බලකරමිනි.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයෝ කියා සිටියේ අදාළ සියළු ලේඛණ මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බාරදී ඇති බවත් ඒවා ඔවුන් පිළිගෙන ජනාධිපති අපේක්ෂකත්වය පවා පිළිගත් බවය.
එම අවස්ථාවේදී කිසිවකු විරෝධතා ගොනු නොකළ බවද සඳහන් කළ ජනාධිපති නීතිඥ අල් සබ්රි මහතා තවදුරටත් කියා සිටියේ කිසිවකුට අවශ්‍ය නම් ඇමෙරිකානු තානාපති කාර්යාලය අමතා විස්තර දැනගත හැකි බවත් අධිකරණයට යාමටද අවස්ථාව ඇති බවත්ය.
-cnews

Post a Comment