Header Ads

test

කැනඩාව පෙන්වා කෝටි ගණන් ගැරූ සුරූපී කත වෙස්‌ වලාගෙන සැඟවී සිටියදී අත්අඩංගුවට.


රැකියා අපේක්‌ෂිත හා විවිධ රැකියාවල නියුතු දිවයිනේ විශාල තරුණ පිරිසකට කැනඩාවේ උසස්‌ රැකියා ලබාදෙන පොරොන්දු පිට ඔවුන් රවටා පසුගිය 2018 වසර ඇතුළත රුපියල් කෝටි ගණනක මුදල් වංචාකළ බවට කඩුවෙල අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ස්‌ථිර පදිංචියක්‌ අනාවරණය නොවූ රූමත් තරුණ කාන්තාවකට එරෙහිව පවරා තිබූ නඩු 52ක්‌ අතරින් නඩු 23ක විභාග අවසන් කළ මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස්‌ මහතා, එක්‌ නඩුවකට රුපියල් 50000/- බැගින් රුපියල් එකොළොස්‌ ලක්‌ෂ පණස්‌ දහසක දඩ මුදල් ගෙවන ලෙසටත් ගෙවීම් පැහැර හරින්නේ නම් එක්‌ නඩුවකට මාස 06 බැගින් සිර ද`ඩුවමට යටත් කරන බවද නියෝග කළේය.

 ඉකුත් 2018 වසර තුළ සිදුව ඇති මහත් ආන්දෝලනයට පත්ව තිබූ මෙම මහා පරිමාණ මුදල් වංචාවේ විත්තිකාරිය සෙලිනා ඩිලාන් ද සිල්වා නමැත්තියකි.

 විත්තිකාරිය, එවකට පන්නිපිටිය - කලල්ගොඩ නිවසක තාවකාලිකව ලැගුම් ගෙන සිටින්නේ, එක්‌ අයෙකුගෙන් රුපියල් ලක්‌ෂ 2 1/2 සිට ලක්‌ෂ 05 ගණන්වලට මුදල් ලබා ගෙන ඇතැයිද, අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි මත පොලිසිය ඇය ලුහුබඳිමින් සිටියදී, එම ස්‌ථානය මඟහැර සිට ඇති බව ද වාර්තා වී තිබිණ.

 පසුව රහස්‌ පොලිසිය මගින් අනාවරණය කරගත් පරිදි මැය කඩුවෙල රණාලේ නිවසක්‌ මිලයට ගෙන හිස මුඩුකර වෙස්‌ වලාගෙන සැඟ වී සිටියද අත් අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට වාර්තා කර තිබිණි.

 විත්තිකාරියට එරෙහිව නඩු 52 අතරින්a අධිකරණය මගින් නඩු 23ක විභාගයන් අවසන් කිරීමෙන් පසුව ඇයට ඉහත කී දඩ මුදල් නියම කරන ලද අතර, විත්තිකාරිය විදෙස්‌ ගමන් බලපත්‍රයක්‌ ළඟ තබාගෙන සිටි බවට ඉදිරිපත් වූ චෝදනාවකින් ඇය නිදහස්‌ කිරීමට අධිකරණය තීරණය කළේය.

 ඉතිරි සෙසු නඩු 29 සම්බන්ධයෙන් තීන්දු ප්‍රකාශ කිරීමට කල් තබන ලදී.

 අපරාධ පරීක්‌aෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ සැරයන් වාසලතන්ත්‍රී (19579) මහතා පැමිණිලි වෙනුවෙන් පෙනී සිටියේය.
-Divaina.

No comments