Header Ads

test

ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගෙන මහනාහිමිවරුන්ගේ ආශිර්වාද ලබාගනී.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (11 දා) පෙරවරුවේ ශ‍්‍රී දළදා  මාළිගාවට පැමිණ සුදු සමන් මල් වට්ටියක් පූජා කරමින් දළදා වහන්සේ වෙත පූජෝපහාර දැක්වීය.

සමන් මල් වට්ටිය පිළිගන්වමින් දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පිළිගත්තේය.

වැඩසිටින මාලිගාවට පිවිසි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දළදා වහන්සේට පුෂ්ප පූජාව සිදුකළ අවස්ථාවේදී තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර නාහිමියන් විසින් වතාවත් ඉටුකරන ලදී.

දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසුව පහත මාලයේ ප‍්‍රතිමා මන්දිරයට පිවිසි ජනාධිපතිවරයා බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ද වැඳපුදා ගත්තේය.

පසුව මල්වතු මහා විහාරයට පිවිසි ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අපේක්‍ෂා කරනු ලබන ප‍්‍රතිපත්ති මාලාව සාර්ථක ලෙස ක‍්‍රියාත්මක කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවායි අතිපූජ්‍ය මහානායක හිමියෝ ඒ මහතාට ආශිර්වාද කළහ.

ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ ශ‍්‍රී විජිතසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද බැහැදුටු අතර, අති විශාල ජනවරමක් ලබා දෙමින් ජනතාව විසින් පත් කර ගත් ජනාධිපතිවරයාට ජනතාව අපේක්‍ෂා කළ බලාපොරොත්තු සාර්ථක ලෙස ඉටු කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා යි ආචාර්ය නියංගොඩ ශ‍්‍රී විජිතසිරි අනුනායක හිමියෝ ඒ මහතාට ආශිර්වාද පිරිනමමින් පැවසූහ.

අස්ගිරි මහාවිහාරයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වරකාගොඩ ශ‍්‍රී ක්‍ඳාණරතන මහනාහිමි ප‍්‍රධාන මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා පවත්වමින් සුභාශිංසන පිරිනැමූහ.

ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද කටයුතු මහජනතාවගේ පැසසුමට ලක් වී තිබෙන බවත්, එම ජනතා අපේක්‍ෂාවන් ඉටුකරමින් ජාතික ආරක්‍ෂාවත් සංවර්ධනයත් ස්ථාපිත කිරීමට ශක්තිය ලැබේවා යි ප‍්‍රාර්ථනා කරන බවත් අතිපූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ක්‍ඳාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවැසූහ.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ශාස්ත‍්‍රපති පණ්ඩිත ආණමඩුවේ ශ‍්‍රී ධම්මදස්සි, මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය ගොඩගම මංගල, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන යන ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

අස්ගරි මහා විහාර පිරිවෙන්හි අධිපති නාරම්පනාවේ ආනන්ද ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ ආරාධනයෙන් පිරිවෙනට පැමිණි ජනාධිපතිවරයා ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේ විසින් පිළිගනු ලැබූහ.

එහිදී පරිවෙණාධිපති නාරම්පනාවේ ආනන්ද ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත සුභාශිංසන පිරිනමමින් ශී‍්‍ර ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා අභිනවයෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීම දුෂ්කරතා රැුසක් මධ්‍යයේ සිදුකිරීමට යෑම උඩුගම්බලා පිහිනීමට සමාන දුෂ්කර කාර්යයක් බව පැවසූහ.

කුමන බාධක ඇති වුවත් එම ගමන් මඟ සාර්ථක වීම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවායි ප‍්‍රාර්ථනා කරන බව නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පැවැසූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාමක්‍ඳ්ක්‍ඳ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක නාපාන පේමසිරි ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ හූරිකඩුව විද්‍යාසාගරයේදී බැහැදුටුවේය.

අත්පූජ්‍ය මහානායක හිමි ප‍්‍රධාන මහා සංඝරත්නයේ ආශීර්වාදය එහිදී ජනාධිපතිවරයාට පිරිනමන්නට යෙදුණාහ.

රාමක්‍ඳ්ක්‍ඳ මහා නිකායේ සංඥා ලේඛකාධිකාරී පණ්ඩිත අංකුඹුරේ පේ‍්‍රමවංශ ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ අනුශාසනයක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පුළුල් දර්ශනයක් ඇතිව නව ආකල්ප සමුදායකින් මානව හිතවාදීව කටයුතු කරන බව දක්නට ලැබෙන බව පැවසූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණ විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල ස්වාමීන් වහන්සේ ද බැහැදුටුවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය දර්ශනය අනුව ආරම්භ කළ ගමන් මඟ සාර්ථක වේවායි ප‍්‍රාර්ථනය කරන බවත් ජනතාවට සහන සලසමින් ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද නව ගමන්මඟ සාර්ථක වීම සඳහා තෙරුවන් පිහිට ලැබේවා යි ප‍්‍රාර්ථනා කරන බවත් නාහිමිපාණෝ පැවසූහ.

රාජ්‍ය අමාත්‍යවරුන් වූ කෙහෙළිය රඹුක්වැල්ල, එස්. බී. දිසානායක, දිලූම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක, දිසාපති තිස්ස කරුණාරත්න යන මහත්වරු ද මධ්‍යම පළාත් ප‍්‍රධාන ලේකම් කුමුදිනී කරුණාරත්න මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

සිරිල් විමලසුරේන්‍ද්‍ර, සමන්තී වීරසේකර
-Divaina.

No comments