Header Ads

test

එජාපය පාර්ලිමේන්තුව විසුරුවන්න 2/3 දෙන හේතුව හෙලිවෙයි,පාස්කු ඉරිදා සැමරුම් වලට බිය වෙයි..

පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා අවශ්‍ය යෝජනාවක් සම්මත කිරීමට 2/3 බලය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මීට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් මාර්තු 03 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවීමට කටයුතු කලහොත් අප්‍රේල් මස අග දිනයකදී මැතිවරණය පැවැත්වීමට සිදුවීමයි.

එනම් පාස්කු ඉරිදා දිනය ආසන්න දිනකදී මැතිවරණය පැවැත්වීමට සිදුවන අතර එය එක්සත් ජාතික පක්ෂයට අවාසිදායක තත්වයක් වනු ඇති බව ඔවුන්ගේ තක්සේරුව වී ඇත.

ඒ අනුව ඊට පෙර දිනක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට හැකි වන සේ ඒ සඳහා අවශ්‍ය යෝජනාව සම්මත කිරීමට අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබා දීමට ඔවුන් අදහස් කර සිටින බව පක්ෂ ආරංචි මාර්ග කියා සිටී.
-lankacybernews.

No comments