Header Ads

test

කොරෝනා වලින් බේරෙන්න තියෙන විශ්වකර්ම ඖෂධය පරිප්පු සහ සැමන්,පුටින් කියලානේ අප හිතුවේ ඒත් හිටන්ගේ ඩබල් එක වගෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා - ජනාධිපතිතුමා ජාතිය ඇමතුවා. ඒත් 8.30 ට අමතනවා කිව්වහම ඒ වෙලාවටම කරන්න බැරිවුණා. අනෙක එතුමාගේ කතාවේ උප සිරැසි සහිත විය යුතුයි. ඒත් ඒවාත් නෑ. ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවල නිරත වන කිසිවෙකුට එතුමා සිය ස්තුතිය පළ කලේ නෑ. ඒ සේවය අගය කළේ නෑ. ඒ කතාවේ කිසිම ගාම්භීරත්වයක් නෑ. කොරෝනාවලින් බේරෙන විදිහක් ගැන එතුමා කිව්වේ නෑ. මැතිවරණ ගැන තමයි එතුමා කතා කළේ.

 එතුමාගේ කතාවට අනුව කොරෝනා වලින් බේරෙන්න තියෙන විශ්වකර්ම ඖෂධය තමයි පරිප්පු සහ සැමන්. ඒ වගේම තමයි ජනාධිපති කිව්වේ රෝගීන් 39 යි කියලා. ඒත් ප‍්‍රවෘත්ති මගින් එලිවෙලා තිබුණා 43 යි කියලා. ජනාධිපති මාධ්‍ය අංශය මේ තරම් බංකොලොත් නේද කි‍්‍රකට් තරග ගැනත් කතා කළා. ඒත් කොරෝනා ගැන නම් කතා කළේ නෑ. ජනාධිපතිගේ කතාව ෆේල්. පුටින් කියලානේ අප හිතුවේ ඒත් හිටන්ගේ ඩබල් එක වගෙයි.

 අර චීන කත සුව කරලා ඇරියාට පස්සේ අර ප‍්‍රසිද්ධ ගායකයා දාලා සංචාරක ප‍්‍රවර්ධනයක් කළා ශී‍්‍ර ලංකා කොරෝනාවලින් නිදහස් කියලා. අන්තිමට අර ටුවරිස්ට් ගයිඞ්ගෙන් බෝවුණා මේ ලෙඬේ. කොහොම වුණත් අපි දැන් එකතු වෙමු මේ ව්‍යසනයෙන් බේරෙන්න. 
-Divaina

1 comment:

  1. Anna game inna unp jvp set eka parippu seman polime

    ReplyDelete