Header Ads

test

කොරෝනා පාලනයෙන් අප‍්‍රිකානු රටවල් 34ක් ලංකාවට වඩා ඉදිරියෙන්,ලංකාව අසාර්ථකයි.- බිමල්

අප්‍රිකා මහද්වීපයේ රටවල් 34 ක කොරෝනා මර්දනය ලංකාවට වඩා සාර්ථක බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය සෞඛ්‍යමය වශයෙන් පාලනය කිරීමද අසාර්ථක වී ඇති බවද ඔහු පවසයි.

ලතින් ඇමරිකානු කලාපයේ ද රටවල් 19ක කොරෝනා පාලනය ශ්‍රී ලංකාවට වඩා යහපත් බවත් අග්නිදිග ආසියාවේ ද රටවල් හතරක් ශ්‍රී ලංකාවට වඩා ඉහලින් කොරෝනා පාලනය කර ඇති බවත් ඔහු කියා සිටියේය.

ලෝක තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී දේශපාලනය හෝ ආර්ථිකය මූලික කරගෙන කටයුතු කල රටවල් කොරෝනා හමුවෙ පරාජය වී ඇති බවත් ජනතාව මුල්කර කටයුතු රටවල් එය ජයග්‍රහණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

හිරු රූපවාහිනියේ බලය සංවාදය සදහා එක් වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.
බලය VIDEO LINK
-lankacnews

No comments