Header Ads

test

'සනීපාරක්‍ෂක පහසුකම් නැති පාසල් 582ක්,දරුවන් අවදානමේ දාන්නේ නෑ..'- ඇමැති ඩලස්

රටේ පවතින පාසල් 10,167ක් අතර පානීය හෝ සනීපාරක්ෂක පහසුකම් නොමැති පාසල් 582ක් පවතින බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

 මෙවැනි තත්වයක් පවතිද්දී කිසිම දරුවකු ‘කොවිඞ් 19’ ආසාදිතයකු නොවන තත්ත්වයට පත් කර පාසල් පටන් ගැනීම රජයේ වගකීමක් බවත් ඇමතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති හමුවකදී පැවසීය.

 පාසල් පටන් ගැනීම සඳහා සාකච්ඡා කළත් දරුවන්ට බීමට හෝ ජලය නොමැති පාසල්වල දරුවන්ට අත් සේදීම ද ප‍්‍රශ්නයක් වී තිබෙන බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

 ඒ පාසල්වල සිටින දරුවන් සංඛ්‍යාව අනුව උෂ්ණත්ව මාපක, ජල බේසම්, ජල පහසුකම් ඇතුළු අවශ්‍යතා ලබා දී පාසල් විවෘත කිරීම කළ යුතු බවත් කී ඇමැතිවරයා රටේ සමස්ත ජනගහනයෙන් පරිගණක දැනුම ඇත්තේ සියයට විසි තුනක් වැනි ප‍්‍රමාණයකට බව ද පැවසීය.
  -lankacnews.

No comments