Header Ads

test

කොරෝනා අසාධ්‍ය රෝගීන් මියයන්නේ ලේ කැටි ගැසීමෙන් - පර්යේෂණයකින් හෙළිවේ


කොරෝනා වෛරසය හේතුවෙන් දරුණු ලෙස ආසාධ්‍ය තත්ත්වයට පත් වන ආසාදිතයින්ගෙන් සියයට 30ක් දක්වා වූ ප්‍රමාණයකට දරුණු ඝනයේ ලේ කැටි හට ගන්නා බවත් , " ත්‍රොම්බෝසිස් " යනුවෙන් හැඳින්වෙන   මෙම තත්ත්වය එම ආසාදිතයින් මිය යාමට හේතු වන බව  එංගලන්තයේ වෛද්‍ය පර්යේෂකයින් පිරිසක් විසින්  අනාවරණය කර තිබේ.

මෙම දරුණු ලේ කැටි නිපදවෙන්නේ කොරෝනා වෛරසය හේතුවෙන්  ආසාදිතයින්ගේ පෙණහළු දරුණු  ලෙස  ඉදිමීම හා  වෛරසයට එම ආසාදිතයින්ගේ ශරීරය දක්වන ස්වාභාවික ප්‍රතිචාරය යන කරුණු මත  බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

ලොව පුරා රටවල කොරෝනා ආසාදිතයින් විවිධ ආකාරයේ වෛද්‍ය හේතුන් මත පදනම් වූ සංකුලතාවන්ට ගොදුරැ වන අතර ඇතැම් සංකුලතා මාරාන්තික බව පවසන මෙම පර්යේෂකයින් පිරිස ඉකුත් මාර්තු මාසයේ කොරෝනා වෛරසය ලොව පුරා පැතිර යමින් පැවතියදී රෝහල්ගත කෙරුණු කොරෝනා ආසාදිතයින් ගේ ශරීරවල අපේක්ෂිත මට්ටමටත් වඩා ඉහළ ප්‍රමාණයේ ලේ කැටි ගැසීමක් දක්නට ලැබුණු බව සඳහන් කර සිටි .එමෙන්ම වෛද්‍යකාර්ය මණ්ඩලය පුදුම කරවන ආකාරයේ පෙණහලුවල ඉතා කුඩා ප්‍රමාණයේ ලේ කැටි සිය ගණනක් සහිත රෝගීන්ද ඒ අතර සිට ඇත .

කොරෝනා වෛරසය හේතුවෙන් බොහෝ රෝගීන්ගේ දරුණු ඝනයේ ලේ කැටි ගැසීමක් දක්නට ලැබී ඇති අතර මෙය කොරෝනා ආසාදිතයින් බේරා ගැනීමේදී විශාල ගැටළුවක් බව ලන්ඩනයේ කිංග්ස් විද්‍යාල රෝහලේ ත්‍රොම්බෝසිස් පිලිබඳ මහාචාර්යවරයෙකු වන රුපන් ආර්යා පවසයි. ඔහුට අනුව ලේ කැටි  ගැසීමට ලක් වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව සියයට 30ක් නොව එයටත් වඩා ඉහළ අගයක් ගැනීමට ඉඩ ඇත. මෙම ලේ කැටි ගැසීමේ තත්ත්වය වළක්වාගැනීම සඳහා  සැම රටකටම යොදා ගත හැකි ප්‍රතිකාරයන් පිළිබඳව මේ වන විට පර්යේෂණ පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
-ඒමන්ති මාරඹේ -DIVAINA

No comments