Header Ads

test

ඉන්දියානු සහ බංග්ලාදේශ කණ්ඩායම් වල ශ‍්‍රී ලංකා සංචාරයට නිරෝධායනය සහ ගුවන් ගමන් හරස් වෙයි.

ලබන ජුනි මස අග භාගයේදී එක්දින සහ විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින ඉන්දියානු ක‍්‍රිකට් කණ්ඩායමට සහ ටෙස්ට් තරගාවලියකට පැමිණෙන බංග්ලාදේශ කණ්ඩායමට නිරෝධායනය සහ ගුවන් ගමන් ප‍්‍රශ්නය මතුව ඇති බැවින් අදාළ තරගාවලි පැවැත්වීම සම්බන්ධයෙන් රටවල් තුනම මේ වන විට දෙගිඩියාවකින් පසුවේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණෙන සියලූම සංචාරකයන් දින 14 ක නිරෝධායනයකට ලක්විය යුතුවේ. ඒ අනූව ඉන්දියානු කණ්ඩායම තරගාවලිය ආරම්භ වීමට දින 15 කට පෙරවත් ශ‍්‍රී ලංකාවට පැමිණ නිරෝධායනයකට ලක්වෙමින් සිය පුහුණුවීම් කළ යුතුව තිබේ. බංග්ලාදේශ කණ්ඩායමටද එම තත්ත්වයට මුහුණ දිය යුතු අතර ඔවුන් පැමිණෙන්නේ ඉන්දියානු තරගාවලිය අවසන් වීමෙන් පසුවය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ජුනි සහ ජූලි මාසවලදී පැවැත්වෙන ඉන්දියාව සමග එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය පේ‍්‍රක්ෂකයන් නොමැතිව පැවැත්වීමට සාකච්ඡුා කර තිබේ. පළමුව කණ්ඩායම් දෙකේ ක‍්‍රීඩකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව මත පදනම්ව කණ්ඩායම් දෙකම තරගාවලියට සහභාගි වීමට සූදානම් වුවද ඒ සඳහා ඇති වී ඇති බාධක කිහිපයක් හේතුවෙන් තරගාවලිය පැවැත්වීම තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතී. බංග්ලාදේශය සමග ටෙස්ට් ? තරගාවලියද පේ‍්‍රක්ෂකයන් නොමැතිව පැවැත්වීමට අවධානය යොමු කර ඇතත් පළමුව යෙදෙන ඉන්දියානු සංචාරය සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමු කර තිබේ.

ලබන පළමු වැනිදා සිට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම අට දෙනා බැගින් පුහුණුවීම් අරඹන අතර මේ දිනවලද ඔවුන් පුහුණුකරු මිකී ආතර් සමග පුහුණුවීම් ඔන්ලයින් ක‍්‍රමයට කරගෙන යනු ලබයි. ඉන්දියානු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ද නිවසේ සිට පුහුණුවීම් කරගෙන ගියද සමහර ප‍්‍රාන්ත මුළු මනින්ම වසා දැමීම හේතුවෙන් කොටුවී සිටින ක‍්‍රීඩකයන්ට සිය පුහුණුව කරගෙන යෑම දුෂ්කර කර්තව්‍යයක් වී තිබේ.

‘‘මුම්බායි නගරය ඇතුළු කොරෝනා වසංගතයේ වැඩියෙන් ව්‍යාපත්ව තිබෙන ප‍්‍රදේශ මාස දෙකක් පුරා වසා දමා තියෙන්නෙ. එසේ ප‍්‍රදේශවල ක‍්‍රීඩකයන් පුහුණුවීම් කරනවා. කෝලි ඇතුළු ක‍්‍රීඩකයන් රැුසක් නිවසේ සිට පුහුණුවීම් කරනවා. නව තාක්ෂණය භාවිතා කරමින් අපේ පුහුණුකරුවන් ක‍්‍රීඩකයන් සග නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් පුහුණු කටයුතු සොයා බලනවා.’’ යැයි ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරිකවරයා සඳහන් කරයි.

ඉන්දියාවේ ගුවන් ගමන් ආරම්භ කළහොත් ඔවුන් ශ‍්‍රී ලංකාවට පැමිණ නිරෝධායනය වී තරගාවලියට සහභාගි වීමට වැඩි අවස්ථාවක් තිබේ. දෙරට අතර තරගාවලිය එක්දින තරග තුනකින් සහ විස්සයි විස්ස තරග දෙකකින් සමන්විත වේ. ඉන් පසුව පැමිණෙන බංග්ලාදේශ කණ්ඩායමද මේ වන විට සිය තීන්දුව ප‍්‍රකාශ කිරීමට කල් මරමින් සිටියි.

‘‘බංග්ලාදේශයේ සංචාරක සීමාවන් සහ රටවල් දෙකේම නිරෝධායන ක‍්‍රමවේදයන් සොයා බැලිය යුතුයි. අපි තවමත් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සමග සාකච්ඡුා කරමින් සිටින්නේ. ක‍්‍රීඩකයන්ගේ සූදානම ගැනද අපි අවධානයෙන් සිටිය යුතුයි. එය කොහොම වුණත් හොඳින් සිදුවනු ඇත. මේ සියල්ල රඳා පවතින්නේ අඟුලූ දැමීමේ ලිහිල් කිරීම් සහ සංචාරක සීමාවන් සම්බන්ධ රජයේ නියෝග මතය.’’ බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී නිසාමුදීන් චෞද්රි පවසයි.

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියට අයත්

තරගාවලියක් බැවින් අයි.සී.සී.ය සහ අදාළ ක‍්‍රිකට් ආයතනය යන පාර්ශ්ශව තුනම මෙම තරග සඳහා අවධානයෙන් යුතුව තීන්දු තීරණ ගත යුතුව තිබේ.
-Divaina.

No comments