Header Ads

test

අද ඇත්තේ පිරිසිදු බුදු දහම නොව සංඝ කල්ලිවල විකෘති අදහස්.- මංගල[Video]

සම්බුද්ධ ශාසනය තුළ මංඝ කල්ලි අද පමණක් නොව ඉතිහාසයේ ද සිටි බව හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී ද දේවදත්ත විසින් සංඝ කල්ලියක් බිහි කරගෙන සිටි බවත් ඔවුන්ට උදව් කිරීමට අජාසත්තලා ද සිටි බවත් ශාසන ඉතිහාසය දන්නා ඕනෑම අයෙක් දන්නා බවද ඔහු සඳහන් කරයි.

අද වන විට සමාජගත වී ඇත්තේ බුදුන් වහන්සේගේ දර්ශනය නොව විකෘති අදහස් බවද පැවසූ හිටපු ඇමැතිවරයා එය සිදුව ඇත්තේ සංඝ කල්හි නිසා බව පැවසීය.

සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
-lankacnews.


No comments