ක්‍රීඩා සහතික 300ක් හා පදක්කම් 36ක් දිනාගෙන ජීවත් වීමට ගඩොල් කපන ලක්මි සඳලංකා.
ඇය නමින් ලක්මි සඳලංකා ය. දැනට මොනරාගල දිස්ත්‍රික් හාඞ්බෝල් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවද වෙයි. ලක්මි ජාතික පළාත් දිස්ත්‍රික් මට්ටමින් සහතික පත් 300 කට අධික ප්‍රමාණයක් හිමි කරගෙන ඇත. ඒ වගේම පදක්කම් 36 ක් හිමිකර ගැනීමට සමත් වුවත් ඇගේ ඉදිරි ක්‍රීඩා කටයුතු කරගෙන යෑමට ආර්ථිකය හරස් වී ඇත.
ඇය ක්‍රීඩා කිරීමට යොමුව ඇත්තේ ඇය අධ්‍යාපනය ලැබූ මො/ඇතිලිව ඞී. එස්. සේනානායක විද්‍යාලයේ ජයන්ත ගුරු මහතාගේ මඟ පෙන්වීම යටතේය. ඇතිලිව මහා විද්‍යල හා ඔක්කම්පිටිය මහා විද්‍යාල පාසල් කාන්තා ක්‍රිකට් කණ්ඩායම් හා හාඞ්බෝල් මොනරාගල දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කර ඇත. දැනට ඇය අ.පො.ස. උ.පෙළ සමත් අවුරුදු 22 ක තරුණියකි. මේ වන තෙක් රැුකියාවක් නැති ලක්මි ආර්ථික අපහසුතා රැුසකටද මුහුණපායි.
ඇය දැනට පදිංචි කුඩා නිවසේ වහළේ ඇති ටකරන්ද තැනින් තැන සිදුරු වී ඇති අයුරු එහි ගිය අපට දැක ගැනීමට ලැබුණි.
ලක්මි සඳලංකා ක්‍රීඩාවෙන් බොහෝ දුරක් ගියද තවම ඇයට පැළඳීම සඳහා පාවහන් යුවළක් නොමැති අතර එය ලබා දෙන්නේද ක්‍රීඩා සමාජයෙනි.
ඇගේ දෙමාපියන්ද ප්‍රදේශයේ කුලී වැඩ හා ගොවිතැන් නොමැති නිසා ජීවත් වීම සඳහා ගඩොල් කැපීම සිදු කරයි. ලක්මිද ක්‍රීඩාවට කෙතරම් හුරු වුවද අද දවස ගෙවන්නේ ගැඩොල් කැපීම සඳහා ය.
ලක්මි සඳලංකා කවපෙත්ත හා යගුලිය විසි කිරීම් තරගවලින් පළාත් මට්ටම දක්වා ජයග්‍රහණ හිමිකර ගෙන ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාවෙන් අවස්ථා ගණනාවක් ජාතික මට්ටම නියෝජනය කර ඇත.
ඇය අවස්ථා කිහිපයකදීම රැකියා කිහිපයකට ඉල්ලූම් කළත් සාර්ථක වී නොමැති නිසා දෙමාපියන්ට බරක් නොවී ඔවුන් කරන ගඩොල් කැපීමේ රැුකියාවට උදව් කරයි. ඒ වගේම තමාට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න උදව් කරන්න ආයතනයක් හෝ පුද්ගලයෙක් ඉදිරිපත් වෙන්නේ නම් තමන්ගේ හැකියාවෙන් රටට සේවයක් කළ හැකි බව ඇය පවසයි.
ලක්මිගේ මව වන ධම්මිකා ද සිල්වා: අපි දුප්පත් නිසා දුවගේ ක්‍රීඩාව නතර වුණා. අපි කුලී වැඩ කරලා කොහොම හරි දුවව පාසල් යැව්වා. මේ දරුවට උදව් කරන්න කවුරුහරි ඉදිරිපත් වෙනවා නම් ලොකු පිනක්. අපේ දුව විද්‍යාපීඨ යවලා ගුරුවරියක් වෙනවා දකින්න මම ආසයි. දුවට ඒ සඳහා සුදුසුකමුත් තියනවා.
ලක්මි සඳලංකා කැලේ පිපුණ මලක්. ඇය කැලේ තුළදීම මියැදෙන්නට නොදී ඇගේ හැකියාවෙන් රටට සේවයක් කර ගැනීමට ඔබටත් හැකි ප්‍රමාණයෙන් ඇයට උපකාර කළ හැකියි. ඇගේ දුරකතන අංකය 0705337768. ලිපිනය අංක 12, වාසනාගම, ඇතිලිවැවයි.
මොනරාගල - නයන ඉහළගෙදර
-Divaina
Post a Comment