Header Ads

test

'ගෝඨාභය වගේ නායකයෙක් පොල් පිත්තෙන් කපා ගන්න පුලුවන්.' - කිරිඇල්ල.


නව රජය පත් වූ විගස සිදුකළ එකම කාර්්‍යය හිතවත් ව්‍යපාරිකයන්ට බදුසහන ලබාදීම පමණක් යැයි සමගි ජන බලවේග මහනුවර දිස්ති‍්‍රක් නායක හිටපු පා.ම. අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මහනුවර ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රජය එසේ කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලගණන් අධික ලෙස ඉහළ දමා ජනතාව පීඩාවට පත්කොට ඇති බවයි.

රජය භාරදෙන විට කිසිදු මූල්‍ය අර්බුදයක් නොතිබුණ බවත් මොවුන් බලයට පැමිණි විගස හිතවත් ව්‍යාපාරිකයන්ට ලබාදුන් බදු සහන හරහා රජයට ලැබියයුතු ආදායම් අහිමි වී ගිය බවද හිටපු මන්ති‍්‍රවරයා මෙහිදි ප‍්‍රකාශ කළේය.

තවද ගෝඨාභය රාජපක්ශ මහාතාට හා ඔහු වටා සිටින ආර්ථික උපදේශකයින්ට රටෙ ආර්ථිකය පිළිබද පැහැදිලි අවබෝධයක් නොමැතිවිමෙන් ආර්ථිකය පරිහානියට පත් වි ඇති බව හෙතෙම පැවසීය.
උපුටාගැනිම - ලංකාලෝඛය.

No comments