Header Ads

test

දිලුම් අමුණුගම මහින්දානන්දට වෙඩි තබයි,පිස්තෝලය පත්තු නොවීම නිසා මහින්දානන්ද අනූ නවයෙන් බේරේ.

ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් දිලුම් අමුණුගම මහින්දානන්ද අලුත්ගමගේ ට තම පුද්ගලික පිස්තෝලය ඇද වෙඩි තබා ඇති නමුත් එහි උණ්ඩ ඉවත් කර තිබීම නිසා පිස්තෝලය පත්තු නොවී ඇති අතර මහින්දානන්ද අනූ නවයෙන් බේරී ඇත. එසේ නමුත් ඉන් පසු දිලුම් අමුණුගම මහින්දානන්දට තඩි බා තිබේ. 

ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරන අන්දමට ඊයේ (28) සවස මහනුවර පොලිස් බල ප්‍රදේශයේ දී මෙම සිද්ධිය වී ඇති අතර සිද්ධිය වෙන අවස්ථාවේ දෙදෙනාම බීමත්ව සිට ඇත. සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කිරීමෙන් දෙදෙනාම වැලකී තිබේ. 

ආරෝවට ආසන්න හේතුව වී ඇත්තේ මහින්දානන්ද ක්‍රිකට් තරඟ පාවාදීමක් ගැන පසුගියදා කළ හෙළිදරව්වෙන් පොහොට්ටු ඡන්ද ව්‍යාපාරයට අගතියක් වූ බවට දිලුම් අමුුණුගම මහින්දානන්ද සමග ඇතිකර ගත් බහින් බස් වීමකි. නමුත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරන්නේ දෙදෙනාගේ ආරෝව කලක් තිස්සේ ගොඩ නැගුනක් බවයි. ඒ සත්‍ය වශයෙන්ම එකම දිස්ත්‍රික්කයෙන් එකම ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන දෙදෙනාගේ මනාප තරඟය  ආරෝව වැඩි දියුණු වීමට බලපා තිබේ. 
උපුටැගැනිම -Lankaenews

No comments