Header Ads

test

මැතිවරණයෙන් දුරකතනය දිනන බව සමික්‍ෂණයකින් හෙලිවෙලා.


එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජනබලවේගය ජයගන්නා බව දිවයින පුරා කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එම එම පක්ෂයේ අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

මෙරට ප‍්‍රසිද්ධ සමීක්ෂණ ආයතන විසින් සිදු කරන ලද එම සමීක්ෂණය අනුව සමගි ජන බලවේගය ඊළඟ ආණ්ඩුව පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ආසන දිනා ගන්නා බවද ඔහු පැවසීය.

ඒ අනුව මැතිවණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා නියත ලෙසම අගමැති බවට පත්වන බවද එම සමීක්ෂණයෙන් හෙළිවී ඇතැයි ඔහු කීය.

එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
-lankacnews

1 comment: