Header Ads

test

මහ මැතිවරණය 2020,2/3 ක විශිෂ්ට ජය පොහොට්ටුවට.


අපට අභූත චෝදනා මඩ ප‍්‍රහාර එල්ල කළත් රටේ බුද්ධිමත් ජනතාව ඒ කිසි දෙයක් තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැහැ. මෙවර මහ මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බලයක් සහිතව අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක්  ලබාගන්නවා යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (31 වැනිදා* පැවසීය.

යහපාලන ආණ්ඩුව සමයේ ශී‍්‍ර ලංකාවේ මත්කුඩු ජාවාරම් මෙන්ම පාතාලය කි‍්‍රයාත්මක වූ බව කී මහින්ද රාජපක්‍ෂ මහතා තම පක්‍ෂය රට පාලනය කළ සමයේ රටින් පැනගිය පාතාල සාමාජිකයෝ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ යළි ශී‍්‍ර ලංකාවට පැමිණි බවද සඳහන් කළේය.

මේ රටේ විවිධ ක්‍ෂේත‍්‍රවල පසුවෙන පුද්ගලයන් රැුසක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වටා රොක්වී සිටින බවත් රටේ ජනපි‍්‍රය කලා ශිල්පීන් විශාල පිරිසක් දැනටමත් පොදුජන පෙරමුණ සමග එක්වී සිටින බවත් අගමැතිවරයා කීවේය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනපි‍්‍රයතාව නිසා විපක්‍ෂයේ බොහෝ දෙනකු තම පක්‍ෂයට එරෙහිව මඩ මෙන්ම බොරු ප‍්‍රචාරයන් සිදු කරන බව ද කී ඒ මහතා ඒවා මේ රටේ බුද්ධිමත් ජනතාව පිළිනොගන්නා බවද සඳහන් කළේය.
-Divaina

No comments