Header Ads

test

සුමන්දිරන්ට හොරා කියමින් හූ තබා පන්නා දමයි,TNA ආධාරකරුවන්ගේ ගැටුමට මැදිවූ ශෂිකලාට හා ඇගේ දියණියට පහර දීලා.


යාපනය ප‍්‍රධාන ඡුන්ද ගණනය කිරීමේ  මධ්‍යස්ථානය ඉදිරිපිටදී දෙමළ ජාතික සන්ධාන මන්තිී‍්‍ර ධුර අපේක්ෂකයින් තිදෙනකුගේ ආධාර කරුවන් අතර පසුගිය 06 දා රාති‍්‍රයේ ඇතිවූ ගුටි බැට හුවමාරුවකින් හය දෙනකු සුළු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් රෝහල්ගත වීමක් පිළිබඳව අනාවරණය වී නොමැති අතර මෙම ගැටුමට මැදිව ඇත්තේ එම්. ඒ. සුමන්තිරන්, එස්. ශී‍්‍රධරන් හා සශිකලා රවිරාජ් යන අයගේ දේශපාලන ආධාරකරුවෝය.

පළමුවෙන්ම නිල නොලත් මනාප ප‍්‍රකාශ වීමේදී දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. ශී‍්‍රධරන් මහතා ඉදිරියෙන් සිටින බවත් සුමන්තිරන් මහතාට මන්තී‍්‍ර ධුරයක් හිමි නොවු බවටත් නිල නොලත් වාර්තා පැමිණිමත් සමග මෙම ගැටුම හට ගෙන තිබේ.

එහිදී ආධාර කරුවන් පවසා සිටියේ පළමු මනාප ප්‍රතිඵලයන්ට අනුව දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයින් වූ එස්. ශ්‍රීධරන් පළමු ස්ථානයත් ශෂිකලා රවිරාජ් දෙවන ස්ථානයත් ධර්මලිංගම් සිද්ධාර්තන් තෙවන ස්ථානය හා මාවෙ සේනාධිරාජා සහ එම්.ඒ සුමන්දිරන් යන අය සිව් වන හා පස් වන ස්ථාන ලබා සිටි බවටය.

අනතුරුව දෙවන වර මනාප ගණන් කිරීමෙන් පසුව ශෂිකලා රවිරාජ් මහත්මිය පස්වන ස්ථානයත් එම්.ඒ. සුමන්දිරන් දෙවන ස්ථානයත් ලැබීම හේතුවෙන් මෙම ගැටුම ඇතිව තිබුණි.

එහිදී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එම් .ඒ. සුමන්දිරන් සිටි ස්ථානයට ශෂිකලා රවිරාජ් මහත්මියගේ ආධාර කරුවන් පිරිසක් බෝතල් ප්‍රහාරයක් එල්ල කොට හොරා හොරා යයැ පවසා කෑ ගැසීම හේතුවෙන් දෙපාර්සවයේ ආධාරකරුවන් හා අපේක්ෂකයින් අතර උණුසුම්කාරී තත්වයක් හට ගෙන ඇති අතර ඇතම් ආධාරකරුවන්ට සුලු තුවාලද ලැබීය.

මෙම ගැටුමට මැදිහත් වු ශෂිකලා රවිරාජ් මහත්මියට හා ඇගේ දියණියට ආධාරකරුවන් පහර දීම නිසා ඔවුන් සියලූ දෙනා විලාප තබමින් ඡුන්දය ගණනය කරන  මධ්‍යස්ථානයෙන් බැහැරව ගියහ.

මෙම අවස්ථාවේ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ ගැටුම සමථයකට පත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි
-සුරේශ් චන්ද්‍රකුමාර්

No comments