Header Ads

test

ටියුෂන් නොයෙන සිසුවාට අනුරාධපුරේ සර් පාසලේදී ගහලා.


අනුරාධපුර නගරයේ ප‍්‍රධාන පෙළේ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයක ඉගෙනුම ලබන බාල වයස්කාර පාසල් සිසුවකුට අමතර පංති නොපැමිණීමේ සිද්ධියක් මුල්කර ගනිමින්, අමානුෂික වධ හිංසා පමුණුවා පහර දීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව එම විද්‍යාලයේ සේවයේ නියුතු ගුරුවරුයකු 12 වැනිදා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කැඳවා දැඩිව අවවාද කර මුදාහැරීමට කටයුතු කර තිබේ.

වයස අවුරුදු 10ක් වන, අනුරාධපුර මාතලේ හංදිය ප‍්‍රදේශයේ පදිංචි සිසුවාට පන්ති කාමරය තුළදී උදරයේ නාබිය අසළින් කරකවා පහරදීම සිදුකර ඇති අතර, පහර කෑමට ලක්වූ සිසුවා පාසල් අවසන්වී නිවසට යෑමෙන් පසුව දැඩිව රෝගාතුර වීම නිසා ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.

දෙමාපියන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි ද කර තිබේ.

ඒ අනුව පන්ති කාමරය තුළදී පහර දෙන ගුරුවරයා සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකර තිබෙන අතර ඔහු සම්බන්ධයෙන් විද්‍යාලයට ගොස් ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.

විද්‍යාලයේ සේවයේ නියුතු ගුරුවරුන් කියා සිටියේ ටියුෂන් ව්‍යාපාරයේ යෙදෙන ගුරුවරයා ඔහුගේ පන්තිවලට සහභාගි නොවන සිසු සිසුවියන් ඉලක්ක කර පන්ති කාමරයේ දී මෙසේ අමානුෂික වධ හිංසා පමුණුවන බවයි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එම්. සංජීව මහානාම මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා යමුනා කාන්ති මෙනවියගේ මෙහෙයවීම මත පැමිණිල්ල සමථයට පත්කර තිබුණි.

මිහින්තලේ - රංග චතු
Divaina

No comments