Header Ads

test

සෞඛ්‍ය නීති දැඩි කරයි,මහජන පොළ ආර්ථික මධ්‍යස්‌ථාන, සැලෝන්, රැස්‌වීම් අත්හිටුවයි.


කොවිඞ් 19 වෛරසය දැඩි ලෙස පැතිර ඇති බස්නාහිර පළාත දැඩි අවදානම් කලාපයක් බවට නම් කරමින් එම කලාපය තුළ අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් සහිත මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

මෙම කලාපයේ කොවිඞ් 19 වෛරසය පැතිරයෑම පාලනය සඳහා මේ වන විට ගම්පහ, කොළඹ සහ කළුතර යන දිස්ත‍්‍රික්කවල ප‍්‍රදේශ කිහිපයකට දින නියමයක් නොමැතිව ඇඳිරිනීතිය පනවා ඇත.

බස්නාහිර පළාත තුළ අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශන කිහිපයක් මෙසේය.

මෙම කලාපයේ කොවිඞ් 19 වෛරසය පැතිරයෑම පාලනය සඳහා මේ වන විට ගම්පහ, කොළඹ සහ කළුතර යන දිස්ත‍්‍රික්කවල ප‍්‍රදේශ කිහිපයකට දින නියමයක් නොමැතිව ඇඳිරිනීතිය පනවා ඇත.

බස්නාහිර පළාත තුළ විවෘත වෙළෙඳපොළවල් පැවැත්වීම, ආර්ථික මධ්‍යස්ථාන, රූපලාවන්‍යාගාර සහ මහජන රැස්වීම් පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මේ තීරණය ගෙන තිබේ.

වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ‍්‍රීධරන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියක ඒ බව සඳහන් වේ.

එම උපදෙස් මාලාව අනුව සුපිරි වෙළෙඳසල්වලට හා භාණ්ඩ අලෙවිසල් සඳහා යා හැක්කේ පවුලක එක සාමාජිකයකුට පමණි. එම උපදේශය ඔසුසල්වලට යන අයට ද එසේමය.

රජයේ ආයතන හා දෙපාර්තමේන්තු ප‍්‍රධානියාට තම ආයතනයට අවශ්‍ය සේවක පිරිස තීරණය කළ හැක.කර්මාන්ත ශාලා නිසි නිරෝධායන හා සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුය.බැංකු හා මූල්‍ය ආයතන සේවක පිරිස සීමාකර පවත්වාගෙන යා යුතුය.ප‍්‍රවාහන සේවා පවත්වා ගෙන යා යුත්තේ ද නිරෝධායන නීති රීති අනුගමනය කරමිනි.ආපනශාලා, අවන්හල් ද පවත්වාගෙන යා හැක්කේ කෑම පිටතට දීමට පමණි.විශ්වවිiාල හා අධ්‍යාපන ආයතන නිරෝධායන නීති රීති තදින්ම අනුගමනය කරමින් පවත්වාගෙන යා යුතුය.

ඉදිකිරීම් සිදුකරන ස්ථානවල නිසි නිරෝධායන නීති රීති අනුගමනය කළ යුතුය.අවමඟුල් උත්සව සඳහා සහභාගිවන්නන් උපරිම ලෙස සීමාකළ යුතුය.

-දිවයින පුවත්පත.

No comments