Header Ads

test

ඉගෙන ගැනීමට ගිය අතරේ පෙමින් බැඳුණු ජපන් ජාතික බාලවයස්කාරිය පැහැරගෙන ආ තරුණයා සොයා පුළුල් විමර්ශනයක්.

 

ජපන් ජාතික මවගෙන් ශී‍්‍ර ලංකා පොලිසියට පැමිණිල්ලක්,

වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් එහි කෝටිපති ව්‍යාපාරිකයකුගේ බාලවයස්කාර 15 හැවිරිදි එකම දියණිය අපහරණය කර (පැහැරගෙන) ශ‍්‍රී ලංකාවට පැමිණ සැ`ගව සිටින 24 හැවිරිදි ශ‍්‍රී ලාංකික තරුණයකු අත්අඩංගුවට ගැනීම සඳහා කොච්චිකඬේ පොලිසිය පුළුල් විමර්ශන අරඹා ඇත. දැනට මාස 7 ක පමණ කාලය තුළ එම සැකකාර තරුණයාත්, ජපන් තරුණියත් සොයා ගත නොහැකි පරිදි අතුරුදන් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තම බාලවයස්කාර දියණිය අපහරණය කිරීම සම්බන්ධයෙන් එම තරුණියගේ මව වන ‘‘ඔටිනි සෝරා’’ මහත්මිය විසින් 24 හැවිරිදි සැකකාර ශ‍්‍රී ලාංකික පෙම්වතා විසින් තම දියණිය පැහැර ගත් දිනට පසු දින ජපානයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණ කොච්චිකඬේ පොලිසියට 2020 මාර්තු මස 15 දින පැමිණිලිකර ඇත. සැකකාර තරුණයා විසින් බාලවයස්කාර ජපන් පෙම්වතිය ජපානයේදී පැහැරගෙන ඇත්තේ 2020 මාර්තු මස 13 වෙනි දින දීය.

මෙම පැමිණිල්ල කළ ජපන් තරුණියගේ මව විසින් ලබාදුන් කටඋත්තර අනුව කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ‍්‍රීනික ජයකොඩි මහතා විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙහි සැකකාර පෙම්වතා කොච්චිකඬේ දළුවකොටුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

ඔහු දැනට වසර 4 කට පමණ පෙර අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් ඇත. එහිදී අමතර වියදම් සොයා ගැනීම සඳහා අධ්‍යාපනය ලබන අතරතුර ජපානයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ අමතර රැකියාවක් (Part Time)) කර ඇත.

පසුව එම නිවසේ සිටි කෝටිපති ව්‍යාපාරිකයාගේ බාලවයස්කාර 15 හැවිරිදි එකම දියණිය සමග පෙම් සබඳතාවක් ඇගේ වැඩිහිටියන්ට හොරා පවත්වා ඇත. ටික කලකින් එම ජපන් පෙම්වතියගේ දෙමාපිය භාරකාරීන්ට හොරා බාලවයස්කාර පෙම්වතිය අපහරණය කර (පැහැරගෙන) ගුවන් මගින් ශ‍්‍රී ලංකාවට පලා විත් ඇත. පසුව තම දියණියට අත්වූ ඉරණම පිළිබඳ දැනගත් ජපන් තරුණියගේ මව විසින් මේ පිළිබඳව ජපන් තානාපති කාර්යාලයට සහ පොලිසියට පැමිණිලි කොට තිබේ.

ඒ අනුව ජපානයෙන් පැහැරගෙන පැමිණි ජපන් පෙම්වතිය ඇගේ මව ශ‍්‍රී ලංකාවට පැමිණෙන තෙක් කොච්චිකඬේ පල`ගතුරේ පිහිටි සංචාරක හෝටලයක තානාපති කාර්යාලය විසින් ආරක්‍ෂාකාරීව නවතා ඇත. එහිදී ජපන් තරුණියගේ වැඩි ආරක්‍ෂාවට යැයි පවසමින් ජපන් තරුණියගේ පෙම්වතාගේ නැෙ`ගණියද හෝටලයේ නතරවී ඇත.

තම පෙම්වතියගේ මව ජපානයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව දැනගත් සැකකාර පෙම්වතා තම නැගෙණියගේද සහාය ඇතිව සංචාරක හෝටලයට පැමිණ තම ජපන් පෙම්වතිය සමග අතුරුදන්ව තිබේ. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා 2020 මාර්තු මස 15 වෙනි දින සිට මාස 7 ක පමණ කාලයක් පොලිසිය උත්සාහ කළත් එම තැත ව්‍යර්ථ වී ඇත.

පසුව මෙම පැහැර ගැනීම පිළිබඳව අධිකරණය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව සැකකාර පෙම්වතාට විදේශගත වීම තහනම් කර ඇත. එම පැහැර ගැනීමට ආධාර සහ අනුබල දීමේ චෝදනා ලැබූ සැකකාර තරුණයාගේ මව නැෙ`ගණිය සහ අපහරණයට යොදාගත් මෝටර් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇපමත මුදාහැර ඇත.

කොච්චිකඬේ පොලිසිය විසින් මේ පිළිබඳව දිවයිනේ සියලූ පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද යවා ඇත. පොලිස්පතිවරයා දැනුවත් කර එම යුවළගේ ඡායාරූප ජනමාධ්‍ය වෙත නිකුත් කළ බව කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ‍්‍රීනික ජයකොඩි මහතා පැවසීය. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමටත් තරුණිය සොයා ගැනීමටත් සහය වන ලෙසට මහජනයාගෙන් ඉල්ලා සිටින කොච්චිකඬේ පොලිසිය තොරතුරක් ඇතොත් 071-8591631 දුරකථනයට දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටී.

මීගමුව සමූහ - විමල් කීර්ති

-Divaina.

No comments