Header Ads

test

'ලොක් ඩවුන් කරපු රටවලත් පාසල් ඇරලා,අපේ රටේ පාසල් වහගෙන ඉදිරියට යන්න බෑ.'- අධ්‍යාපන රාජ්‍ය ඇමති.

 

අද(19) පාර්ලිමේන්තුවේදි අයවැය විවාදය අතරතුර අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් යොමුකරමින් සමගි ජන බලවේගයේ පා.ම රන්ජිත් මද්දුමභාණ්ඩාර ඇසුවේ "කොවිඩි 19 රෝගය පැතිරිම තෙවන අදියරේදි පවතින මොහොතක පාසල් වසාදැමිය යුතු බවට සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශයට පත් ඇති වාතාවරනයකදි  නොවැමිබර්  23 දින රජයේ පාසල් වල 6  සිට 13 දක්වා ශ්‍රේණි සිසුන් එකවර පාසල් වෙත කැදවීමට තීරනය කරේ කුමන පදනමකින්ද යැයි ?"

ඊට ආන්ඩු පාර්ශවය වෙනුවෙන් පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහාතා පැවසුවේ 'මේ වන විට ලොක් ඩවුන් කල රටවල පවා පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බැවින් මෙරට පාසල් වසාතබා ඉදිරියට යෑම සිදුකල නොහැකි බවයි.තවද විධිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ශාව තහාවුරු කරමින් නොවැමිබර්  23 දින පාසල් විවෘත කිරිමට අපේක්ශා කරන බවයි'.

සටහන - ප්‍රියත් සේනාධීර.     


No comments