Header Ads

test

'කොරෝනාවට බියනොවි ළමයි පාසල් එවන්න,සුරක්ශා රක්ශනාවරනයත් තියෙනවා.'- අධ්‍යාපන ඇමති.

 

බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් මේ මස 23 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ඊයේ (19) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුවේ,මෙලෙස පාසැල් ආරම්භ කෙරෙන්නේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණක් බවය.

තවද දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පාසල් ආරම්භ කරන නිසාවෙන් කොරෝනා රෝගය පිළිබද අනිසි බියක් ඇති නොකොට ගෙන ළමයින් පාසල් වෙත එවීමට දෙමවිපියන් කටයුතු කිරිම සුදුසු බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

පාසල් දරුවන් වෙනුවෙන්ම ඇරඹි  සුරක්ශා රක්ශනාවරනය මගින්ද පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ශාව තහාවුරු කර ඇති බව හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසිය.

උපුටාගැනිම - ලංකාලෝකය.(Facebook Page)

No comments