Header Ads

test

මාස්ක් නැතිව පාසල් ඇවිත්,පාසල් කීපයක ගුරුවරුන්ට සෞඛ්‍ය අංශයෙන් දැඩි අවවාද.

 මුලතිව් දිස්ත‍්‍රික්කයේ පාසල් කීපයක විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට පළාතේ සෞඛ්‍ය බලධාරීන් විසින් 23 වැනිදා දැඩි ලෙස අවවාද කර තිබේ.

 පාසල් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන් ඔස්සේ ආරම්භ කරන ලෙස උපදෙස් දී තිබුණ ද මුලතිව් දිස්ත‍්‍රික්කයේ පාසල් ගණනාවක ගුරුවරුන් හා සිසුන් පාසල වෙත පැමිණ ඇත්තේ මුව ආවරණයක් ද නොමැතිවය.

 අත් සේදීම් පවා නිසි ලෙස සිදු නොවූ බව කියන සෞඛ්‍ය බලධාරීන් එම පාසල් වෙත ගොස් තරයේම අවවාද කර තිබේ. පාසල් ආරම්භ කිරීමට පෙර සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ එක්ව පාසල් ගොඩනැගිලි හා උපකරණ සියල්ලක්ම විෂබීජාණුහරණය කිරීමට විශාල වෙහෙසක් දරන ලද නමුත් විදුහල්පතිවරුන් ගුරුවරුන් හා සිසුන් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොමැතිව කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව මුලතිව් ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ ප‍්‍රකාශ කරයි.

-Divaina.


 

No comments