Header Ads

test

කිසිදු බිය සැකයකින් තොරව ළමයි පාසල් එවන්න,සුරක්ශා රක්ශනාවරනයත් තියෙනවා.- සෞඛ්‍ය අමාත්‍යාවරිය

 

අද(26) පාර්ලිමේන්තුවේදි අයවැය විවාදය අතරතුර සෞඛ්‍ය අමාත්‍යාවරියගෙන් ප්‍රශ්නයක් යොමුකරමින් විපක්ශනායක සජිත් ප්‍රේමදාස මහාතා ඇසුවේ කොවිඩි 19 රෝගය පැතිරිම තෙවන අදියරේදි පවතින මොහොතක පාසල් වසාතැබිය යුතු බවට සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශයට පත්කර ඇති වාතාවරනයකදි රජයේ පාසල් වල 6  සිට 13 දක්වා ශ්‍රේණි සිසුන් එකවර පාසල් වෙත කැදවීමට තීරනය කරේ කුමන පදනමකින්ද යනුවෙනි ?

ඊට  පිළිතුරු ලබාදෙමින් පවිත්‍රා වන්නිආරචිචි සෞඛ්‍ය අමාත්‍යාවරිය පැවසුවේ 'සැලසුමි සහාගතව නව සාමාන්‍ය තත්ත්වයට අනුගත වි පාසල් ආරම්භ කර ඇති නිසා පාසල් සිසුන්ට කිසිදු බිය සැකයකින් තොරව පාසල් පැමිනිය හැකි බව අමාත්‍යාවරිය පැවසිය.තවද පාසල් ළමුන් ගේ දෙමවිපියන් ගෙන් තමා ඉල්ලා සිටින්නේ කොවිඩ් 19 රෝගය නිසා අනිසි බියක් ඇති නොකර ගනිමින් සිසුන් පාසල් එවන ලෙසත් සුරක්ශා රක්ශනය මගින් සිසුන් ගේ සෞඛ්‍ය ආරක්ශාව තහාවුරු කර ති‍බෙන බවයි. 

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ විධිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ශාව තහාවුරු කරමින් ඉදිරියේදි බස්නාහිර පළාතේ පාසල්ද විවෘත කිරිමට අපේක්ශා කරන බවයි'.

සටහන - වරුන මහීශ.     


No comments