Header Ads

test

ප‍්‍රතිශක්තිය වඩවා කොරෝනා මැඬලන්න කළුදුරු තෙල්වලට විශේෂ හැකියාවක්.- ආයුර්වේද වෛද්‍ය, මහාචාර්ය එම්. එච්. ඒ. තිසේරා

 

දිනෙන් දින ආසාදිතයන් වැඩි කරමින්, දේශීය මරණ සංඛ්‍යාව ඉහළ යවමින් ජනතාව වෙත දෙවන වරටත් බලපෑම් කළ කොවිඞ්- 19 වෛරසයට තවමත් ඖෂධ හෝ එන්නතක් සොයා ගෙන නැත. එනිසා නිර්දේශිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන අතරේ ඉන් මිදෙන්න ඇති හොඳම ක‍්‍රමය වන්නේ තමන්ගේ ප‍්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමයි.

 කොරෝනා මැඬලන්න ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ දායකත්වය මෙම අවස්ථාවේදී විශාල වශයෙන් කතාබහට ලක් වී ඇත. දේහ ප‍්‍රතිශක්තිය වර්ධනයට අතීතයේ භාවිතයට ගැනුණු නොයෙකුත් ඖෂධීය වටිනාකම් ඇති ඖෂධ සහ ශාකසාර වර්තමානයේදීද භාවිතයට ගැනේ. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව විදේශවල ද මෙවැනි ඖෂධීය වටිනාකමකින් යුක්ත විවිධ දෑ භාවිතයට ගැනේ. එවැනි පසුබිමක් තුළ ලෝකයේ කොරෝනා මැඬලන්න විශාල වශයෙන් කතාබහට ලක් වුණු ඖෂධයක් ලෙස කළුදුරු තෙල් හැඳින්විය හැක. වර්තමානයේදී විද්‍යාත්මක පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් හරහා කළුදුරුවල ඇති ප‍්‍රතිශක්තිය වර්ධනය කිරීමේ හැකියාව තහවුරු කර ඇත. වසර 3000ක් තරම් පැරණි අතීතයකට හිමිකම් කියන කළුදුරු වර්තමානයේ ප‍්‍රතිශක්තිය වර්ධනයට ඇතුළු වෙනත් ලෙඩ රෝග ගණනාවකට ඖෂධයක් ලෙස භාවිත කරයි. ආයුර්වේද සහ යුනානි වෛද්‍ය ක‍්‍රමවල ද මෙහි භාවිතය හොඳින් සඳහන් කර ඇත.

 කළුදුරුවල අන්තර්ගත ප‍්‍රධාන සක‍්‍රීය සංඝටකය වන Thymoquinone මගින් සිරුරේ ප‍්‍රතිශක්තිකරණ හැකියාව වැඩි දියුණු කරන බව ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල රැසක් සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත. මෙම සංඝටකය මගින් රුධිරයේ ඇති සුදු රුධිරාණු ප‍්‍රමාණය හා එහි ප‍්‍රබලත්වය ඉහළ නංවන අතර ශරීරයට ඇතුළු වන බැක්ටීරියා සහ වෛරස් වැනි විෂබීජ විනාශ කරයි. එනිසා COVID -19 වැනි වෛරසවලට එරෙහිව සටන් කිරීමට මෙම කළුදුරු සතුව විශාල හැකියාවක් ඇති බවට සඳහන් කළ හැකිය. සොබා දහමින් එල්ල වුණු මේ වෛරස අභියෝගයට කළුදුරු තෙල් තේ හැන්දක් හෝ තේ හැඳි භාගයක පමණ ප‍්‍රමාණයක් මී පැණි ස්වල්පයක් සමග කලවම් කර උදෑසන කෑමට පසු දිනපතා පානය කළහොත්, ඔබටත් අට අනූවක් රෝග දෝසවලින් රැකෙන්නටත් නිරෝගී, සෞඛ්‍යවත් ජීවිතයකට උරුමකම් කියන්නටත් නිතැතින්ම හැකි වේ යැයි ආයුර්වේද වෛද්‍ය, මහාචාර්ය එම්. එච්. ඒ. තිසේරා මහතා පැවසීය.

-Divaina.

No comments