Header Ads

test

LPL ගහන්න ආ 03 දෙනෙකුට කොරෝනා,පුද්ගලික රෝහලක සගවාගෙන ප‍්‍රතිකාර කරලා,විදෙස් ක‍්‍රීඩකයන් සිටින හෝටල් ඉදිරිපිට විරෝධතා.

 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට මෙරටට පැමිණ සිටින ක්‍රීඩකයන් තිදෙනෙකුට කොරෝනා වෛරසය වැලදී ඇතැයි අරුණ පුවත්පත වාර්තා කරයි.

ඔවුන් කොළඹ පෞද්ගලික රෝහලක රහසේ ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී සොයාගෙන ඇත.

ඊයේ දිනයේ සොයා ගන්නා වූ මොහොත වන විට ඔවුනට කොරෝනා ආසන්න වී දින දෙකක් ගත වී ඇතැයිද සදහන්ය.

මොවුන් ආසාදිත බව දැනගත්තය පුද්ගලික රෝහල විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් රෝහලේම රඳවා තබා ගෙන සිට ඇත.

පකිස්තාන ක්‍රීඩකයෙකු, ඉන්දීය ක‍්‍රීඩකයෙකු සහ ඉන්දීය තාක්ෂණික නිලධාරියෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

ඔවුන් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.මේ අතර තරගාවලිය නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීමට කටයුතු කර තිබියදී සමගි ජන බලවේගය ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විදෙස් ක්‍රීඩකයන් රැඳී සිටින හෝටල් ඉදිරිපිටට ගොස් විරෝධය දැක්වීමට තරම් පහත් තත්වයකට පත්ව ඇති බවත් තමන් ඒ ගැන දැඩි ලෙස කණගාටු වන බවත් ඔහු කියා සිටියේය.

No comments