Header Ads

test

බස්නාහිර පළාතේ පාසැල් පෙබරවාරි 15 විවෘත කිරිම කල්යයි.

බස්නාහිර පළාතේ පාසැල් පෙබරවාරි මස 15 වෙනිදා විවෘත කිරීමේ තීරණය අවලංගුකළ බවත්  බස්නාහිර පළාතේ ඇතුලු දිවයිනේ සියලු පාසැල් මාර්තු 15 වෙනිදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ කර සිටිනවා.

ඊයේ දිනයේදී අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ  කළේ කොළඹ දිස්ත්‍රික්කයේ පවත්නා සමස්ත පාසැල් සංඛ්‍යාව 492ක් ඇති බවත් ඉන් 412ක් පෙබරවාරි මස 15 වෙනිදා සිට ආරම්භ කිරිමට කිසිදු ගැටළුවක් නොවන බවට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව විසින් නිර්දේශ කළ බවයි.


No comments