විද්‍යාපීඨ සීමාවාසි පුහුනුව නිවසට ළගම පාසලේ සිට සිදුකීරිමට අවස්තාව.
2017 - 2019 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සීමාවාසි කණ්ඩායමේ ගුරුවරුන් සදහා තම නිවසට ළගම පාසලේ සීමාවාසි පුහුනුව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරනය කර තිබේ.මේ සදහා සීමාවාසි ගුරුවරුන් ගේ තොරතුරු මාර්ගගත ක්‍රමයට ලබාගැනීම පසුගිය ජනවාරි මස සිදුකරන ලදි.
ඒ අනුව උතුරු මැද පළාත තුළ පදිංචි විද්‍යාපීඨ සීමාවාසි ගුරුවරුන් සදහා නව සීමාවාසි පත්වීම් ලිපි ලබාදීම හෙට(11) දින උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේදි සිදුකරන බව නව සීමාවාසි පාසල් ඉල්ලුම් කල ගුරුවරුන් හට දැනුම් දි තිබේ.
ඒ අනුව හෙට දින පැමිනිමට නොහැකි උතුරු මැද පළාත් සීමාවාසි ගුරුවරුන්ට ඉදිරි සතියේ දිනක පැමින පත්වීම් ලිපි ලබාගැනිමට අවස්තාව සපයා දී තිබේන බව වාර්තා වෙයි.
තවද අනෙකුත් පළාත් වල නව සීමාවාසි පාසල් ඉල්ලුම් කල සීමාවාසි ගුරුවරුන්ට නව සීමාවාසි පත්වීමි ලිපි තැපැලෙන් එවීමට නියමිත බව වාර්තා වෙයි.
සටහන - ප්‍රියත් සේනාධිර.
Post a Comment