#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT අගරදගුරු ඉවසා ඉවරයි,රටේම සැම නිවසකම කළු කොඩි උස්සන්නැයි කියති. - cnnlanka

Header Ads

test

අගරදගුරු ඉවසා ඉවරයි,රටේම සැම නිවසකම කළු කොඩි උස්සන්නැයි කියති.

 

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු අයට නීතිමය පියවර ගැනීමට එළඹෙන අප්‍රේල් 21 වැනි දින දක්වා කාලය ලබා දෙන බව අගරදගුරු මැල්කම් රාජ්‍ය කාදිනල්තුමන් සඳහන් කරති.

එම ප්‍රහාරය එල්ල වී වසර දෙකක් ගත වුවත් එහි මහ මොළකරුවන් හා අනුබල දුන් අය නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වූයේ මන්දැයි උන්වහන්සේ ප්‍රශ්න කරති.

මෙම වරදකරුවන් නීතිය හමුවට දෙන ලෙස ඉල්ලමින් ලබන ඉරිදා සාමකාමී විරෝධතාවක් පවත්වන බවද උන්වහන්සේ පැවසූහ.

එම ප්‍රහාරයට වසර දෙකක් සම්පූර්ණ වුණ අප්‍රේල් මස 21 වන දින වන විට මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවේ යයි වැටහුනහොත් ලංකාවේ සෑම නිවසකම කළු කොඩි ඔසවන්න යයි සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ කියා සිටියහ.

අගරදගුරුතුමන් මෙම අදහස් පල කරන ලද්දේ කොලඹ අගරදගුරු නිවසේ පැවති මාධ්‍ය හමුවකදීය.

-Lankacnews.

No comments