#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT ඹක්තෝම්බර් 2 සිට ගුරු අරගලය නැවත මහාපාරට ගෙන එනවා. - .

Header Ads

test

ඹක්තෝම්බර් 2 සිට ගුරු අරගලය නැවත මහාපාරට ගෙන එනවා.

 

රජය පොරොන්දු වු රුපියල් 5,000 දීමනාව වැටුප ට එක්නොකිරීම තුළින් කැබිනට් මණ්ඩලයේ තීරණ පිළිබද විශ්වාසය ගිලිහි යන බව ජෝසෆ් ස්ටාලින් මහතා ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක ප්‍රකාශ කළේය.

“පැහැදිලිව ම කනගාටුයි. රුපියල් 5,000 නැහැ. රමේෂ් පතිරණ ඇමතිවරයා කිව්වා අපි දෙන්න තීරණය කළා කියලා සැප්තැම්බර්. පඩි හම්බවෙලා තියෙන්නේ කිසිකෙනෙක් ට රු 5,000 නැහැ. එය නොදීමෙන් ම පැහැදිලි වෙනවා කැබිනට් තීරණය පිළිබඳ තියෙන විශ්වාසනීයත්වය එතැනින්ම ඉවරයි. අපි රු 5,000 ඉල්ලූවේ නෑ. අපිට රු 5,000 එපා. නමුත් එය නොදීමෙන් කැබිනට් මණ්ඩලය ගැන තිබු විශ්වසනීයත්ව එතැනින් ඉවරයි.” යනුවෙන් ස්ටාලින් මහතා කියා සිටියේය.

මේ අතර පොලීසිය භාර අමාත්‍යවරයා ගුරුවරුන් සම්බන්ධයෙන් කළ තර්ජනය හෙළා දකින බව කීය.

මෙහිදී ස්ටාලින් මහතා වැඩිදුරටත් කියා සිටියේ දේශපාලනික අරමුණු සඳහා පොලීසිය යොදාගැනීමට අමාත්‍යවරයා ගන්නා උත්සහය රජයේ ස්ථාවරය ද යන්න පැහැදිලි කළ යුතු බවයි.තවද ගුරු විදුහල්පති වැටුප් විශමතා ගැටලුවට විසදුම් ලබා දිම රජය තවත් ප්‍රමාද කරන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරමින් රටපුරා දීප ව්‍යාප්ත උත්ඝෝශන රැල්ලක් අරඹන බව හෙතෙම පැවසීය.

උපුටාගැනිම - ලංකාලෝකය.(FB Page)

No comments