#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT නොවැම්බර් මස විද්‍යාපීඨ නැවත අධ්‍යන කටයුතු සදහා විවෘත කරන්න සුදානම්. - .

Header Ads

test

නොවැම්බර් මස විද්‍යාපීඨ නැවත අධ්‍යන කටයුතු සදහා විවෘත කරන්න සුදානම්.

 

2020 වර්ශයේ ඹක්තෝබර් මස සිට සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් හි පිහිටුවා ඇති කොවිඩි රෝගි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහා නිරෝධායන මධ්‍යස්ථාන මේ දින වල ඉවත් කරමින් පවතින බව වාර්තා වෙයි.යුධ හමුදාව විසින් විද්‍යාපීඨ පරිශ්‍ර විශබීජහරණය කොට අවශ්‍ය අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදුකර විද්‍යාපීඨයන් හි පාලන අධිකාරිය වෙත විද්‍යාපීඨ නැවත භාරදීමට කටයුතු කරමින් සිටින බව සදහන් වෙයි.ඒ අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් හි අධ්‍යන කටයුතු ලබන නොවැම්බර් මස ආරම්භ කිරිමට යෝජිත බව වාර්ථා වෙයි.

මේ වන විට පාසල් සීමාවාසි පුහුණුව අවසන් කර සිටින  2017 - 2019 විද්‍යාපීඨ තෙවන වසර කණ්ඩායමේ සදහා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලොමා අවසන් විභාගය ලබන නොවැම්බර්  මාසයේදි පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි.

සටහන -  ප්‍රියත් සේනාධීර.

No comments