Header Ads

test

කොවිඩි ඹමික්‍රෝන් සහා IHU ගැන සුභාරංචියක්.

දැනට භාවිතයේ පවතින අනුමැතිය ලද කොවිඩ් එන්නත් වන Pfizer ,Moderna සහා johnson and johnson  මගින්  ඹමික්‍රෝන් සහා IHU නව කොවිඩි වෛරස ප්‍රභේදයන් එරෙහිව තවදුරටත් සාර්ථක ලෙස ආරක්ෂාව සැලසෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

සෙසු වෛරස් ප්‍රභේදවලට සාපේක්ශව එන්නත් මගහැරයාමේ විශේෂ හැකියාවක් මෙම  ප්‍රභේද දෙක සතු ඇති බවට පැහැදිලි සාක්ශි නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය මයික් රයන් අවධාරණය කර ඇත.

මේ  අතර  "අවසානය වෙන්න නම් එක්කෝ වයිරසය ලොවෙන් තුරන් විය යුතුයි. නැතිනම් එය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්වක් දක්වා ප්‍රබලත්වය අඩු විය යුතුයි. මා හිතන්නේ ඔමික්‍රෝන් කියන්නේ එසේ වෙනස් වුණු විකෘතියයි. කොරෝනා වසංගතයේ අවසානය මෙය විය හැකියි.'' යැයි ජර්මානු ජාතික මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් සිය අදහස ඉදිරිපත් කර තිබේ.

මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් මෙසේ සිය අදහස ලොවට පවසද්දී, බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ ද වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් එම අදහසට සහාය දක්වමින් පවසා ඇත්තේ වෛද්‍ය විද්‍යාත්මකව ලුටර්බාෂ්ගේ අදහස පිළිගත හැකි බවය. 

මුලාශ්‍රය : - The Hindu News Web.

No comments