Header Ads

test

බැසිල්ගේ සහන පැකේජයෙන් ආර්ථික අර්බුදය උග‍්‍ර වන බව Moody’s දැනුම් දේ.

 

ශ්‍රී ලංකා රජය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද සහන පැකේජය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය අභියෝගය තවත් උග්‍ර වනු ඇති බව මූඩීස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනය අනතුරු අඟවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය ජනවාරි තුන් වෙනිදා ‍ප‍්‍රකාශයට පත් කරන ලද රුපියල් බිලියන 229 ක මූල්‍ය සහන පැකේජය පිළිබඳ පුරෝකථනය කරමින් ඔවුන් මේ බව කියා තිබේ.

මෙම සහන පැකේජ හේතුවෙන් සම්පූර්ණයෙන්ම අලුතින් අරමුදල් සපයා ගැනීමට නොඑසේ නම් මුදල් මුද්‍රණය කිරීමට රජයට සිදුවන බවද ඔවුන් සදහන් කරයි.

කෙසේ වෙතත් 2022 සාපේක්ෂව දළ දේශීය නිෂ්පාදනය සුළු වශයෙන් පමණක් අඩුවනු ඇති බවද එය පසුගිය අයවැය අපේක්ෂා කරනවට වඩා අඩු ආදායම් වර්ධනයක් වුවද ඔවුන් කියා සිටී.

2022 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ණය බර දළ දේශීය නිෂ්පාදනයෙන් 108% දක්වා ඉහළ යනු ඇතැයි ද ඔවුන් තවදුරටත් පෙන්වා දී ඇත.

වාර්තාව මෙතනින්…

උපුටාගැනිම - Lankacnews.

No comments