#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT ආසාදිතයෝ 4000 ක්‌ නිවෙස්‌වල,PCR 5000 ක්‌ කරාපිටියේ හිරවෙයි. - .

Header Ads

test

ආසාදිතයෝ 4000 ක්‌ නිවෙස්‌වල,PCR 5000 ක්‌ කරාපිටියේ හිරවෙයි.

රෝහල්වල සහ අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් නොමැති වීමෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ හාරදහසකට අධික පිරිසක් ඔවුන්ගේ නිවාසවලම ර`දවා තැබීමට ඊයේ (07 වැනිදා* පෙරවරුව වන විට සෞඛ්‍ය අංශවලට සිදුව තිබිණි.

 මෙරට කොරෝනා තෙවැනි රැුල්ලේ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග දිනෙන් දින විශාල වශයෙන් ආසාදිතයන් වාර්තා වීම හමුවේ මෙම තත්ත්වය උදා වී ඇත.

 මෙරටින් පෙරේදා (06 වැනිදා* රාති‍්‍ර වන විට වාර්තා වූ ආසාදිතයන් පිරිස හා සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පිරිස අනුව තවත් ආසාදිතයන් 17805 දෙනකු රෝහල්ගතව සිටිය යුතු වුවද ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පෙරේදා සඳහන් කර තිබුණේ ආසාදිතයන් 13043 දෙනකු රෝහල්ගතව සිටින බවකි.

 ඒ අනුව බැලූව ද රෝහල්ගත නොකර සිටි ආසාදිතයන් පිරිස 4762 කි.

 මෙම තත්ත්වය අනුව ජාතික වසංගත රෝග විiා ඒකකයේ ප‍්‍රධානී විශේෂඥ වෛi සුදත් සමරවීර මහතා ස`දහන් කළේ දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීම ගැටලූ සහගත වී තිබෙන බවකි.

 ප‍්‍රතිකාර ලබා දියයුතු ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන අතර එම තත්ත්වය තුළ අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල ඇ`දනුත් යොදාගෙන මෙතෙක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පැවැති ස්ථාන ද ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා ඊයේ මාධ්‍යයට ස`දහන් කළේය.

 පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් කොවිඞ් මර්දන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියගෙන් අප කළ විමසීමකදී යම් ගැටලූකාරී තත්ත්වයක් උද්ගතව තිබෙන බව ඇය ද ස`දහන් කළාය.

 එහෙත් එය දිගින් දිගටම පවතින දෙයක් නොවන බව ද පැවසූ ඇය රජය මේ වන විට තැනින් තැන ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකරමින් තිබෙන බව ද ආයුර්වේද රෝහල්වල ඇ`දන් ප‍්‍රමාණය ද ලබාගෙන තිබෙන නිසා කඩිනමින් පවතින ගැටලූව විස`දා ගත හැකි බව ද කීවාය.

 කෙසේ වෙතත් මේ මොහොතේ පවතින වසංගත තත්ත්වය පාලන කර ගැනීමට නම් ජනතාවගෙන් ලැබෙන සහාය ඉතා වැදගත් බව ද කී ඇමැතිවරිය යමෙක් පීසීආර් පරීක්‍ෂණයකට ලක් කර ඇත්නම් නිවසේ රැු`දී සිටීම අනිවාර්යයෙන් සිදු කළ යුත්තක් බව ද ස`දහන් කළාය.

 එසේම යම් අයකු වැරදීමකින් හෝ ආසාදිතයකුගේ ආශි‍්‍රතයකු වුවහොත් වහාම ඒ බව ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට දන්වා ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස ද ඇමැතිවරිය ඉල්ලා සිටියාය.

 පවතින වසංගත තත්ත්වය තුළ රට වසා දැමීමේ තීරණයකට එළැඹීමේ සූදානමක් ඇත්දැයි ඇමැතිවරියගෙන් සිදු කළ විමසීමේදී රට වසා දැමීමක් සිදු නොකරන බවත් මේ මොහොතේත් සිදු කරන ආකාරයට ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප‍්‍රදේශ හ`දුනාගෙන ගම් මට්ටමින් එම ප‍්‍රදේශ හුදකලා කිරීම ඉදිරියටත් සිදුකරන බවත් ඇය වැඩිදුරටත් ස`දහන් කළාය.

 මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ එකොළහක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙරේදා (06 වැනිදා* රාති‍්‍ර නිවේදනය කළේය.

 එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 745 දක්වා ඉහළ ගියේය.

 එසේම කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 878 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ඊයේ පස්වරුවේ සෞඛ්‍ය බලධාරීහු නිවේදනය කළහ.

 එම පිරිසත් සමග කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත සංඛ්‍යාව ද 101763 ක් විය.තවද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන වෛරසවේදී රසායනාගාරයේ පී.සී.ආර්. සාම්පල් 5000ක් පමණ ගොඩගැසී ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

 මෙකී වෛරසවේදී රසායනාගාරයේ පී.සී.ආර්. පරීක්ෂණ යන්ත‍්‍ර ඇත්තේ දෙකක් පමණක් වන අතර දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 1000ක් පමණක් සිදුකරයි. දකුණු පළාතේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන එකම රෝහල වන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලයි. මේ නිසා දකුණු පළාතේ ආශ‍්‍රිතයන්ගෙන් ගන්නා පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල් යොමුකරනු ලබන්නේ මෙම කරාපිටිය ශික්ෂණ රෝහල වෙතය. මෙම තත්ත්වය නිසා පී.සී.ආර්. පරීක්ෂණවල ප‍්‍රතිඵල ලැබීමේ ප‍්‍රමාදයක් ද ඇති වී තිබේ.

 මෙම තදබදය මගහැරෙන තෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරය වෙත පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල් භාර ගැනීම තාවකාලිකව නතර කර ඇත. මේ පිළිබඳව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පී.එච්.එස්. ජීවරත්න මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ කීවේය.

 පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල් ගොඩගැසී තියෙන කතාව ඇත්ත. මෙකී තදබදය මගහැරෙන තෙක් දැනට ලබා ගන්නා පී.සී.ආර්. සාම්පල් කොළඹ නගරයේ පිහිටි රෝහල් දෙකක රසායනාගාර වෙත යොමුකිරීමට කටයුතු කරනවා. තව දින දෙක තුනක් යන විට මෙම ගැටලූවට විසඳුමක් ලැබේවි. කරාපිටිය රෝහලේ රාසායනාගාරයේ පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාවය දිනකට 1500 දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා. අවශ්‍ය අනිකුත් සම්පත් රාසායනාගාර වෙත ලබා දීමට කටයුතු කරනවා.

-දිවයින පුවත්පත.

No comments