#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT ධම්මික පැණිය කොරෝනා සදහා කිසි ලෙසකින් සුදුසු නොවේ. - සායනික පරීක්‍ෂණ තීරණය මෙන්න. - .

Header Ads

test

ධම්මික පැණිය කොරෝනා සදහා කිසි ලෙසකින් සුදුසු නොවේ. - සායනික පරීක්‍ෂණ තීරණය මෙන්න.

 

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නමැත්තා විසින් නිපදවූ පැණිය සම්බන්ධව සිදුකළ සායනික පරීක්ෂණයෙන් එය කොරෝනා රෝගීන්ට ලබාදීම ප‍්‍රතිඵල රහිත බවට කමිටු වාර්තාව මගින් තහවුරු වී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා ‘දිවයින’ට ඊයේ (05 දා) පැවසීය.

ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ පැණිය සායනික පරීක්ෂණ පැවැත්වීම සඳහා රජරට සරසවියේ ආචාර ධර්ම කමිටුව වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැණිය පානය කළ අය සහ නොකළ අය අතර වෙනසක් දකින්නට නොලැබෙන බව කමිටු වාර්තාව මගින් පෙන්වාදී ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා කීවේය. පැණිය තවදුරටත් ලබාදීම නිශ්ඵල වීම නිසා එය රෝගීන්ට ලබාදීමට කිසිසේත් නිර්දේශ නොකරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

උපුටාගැනිම - දිවයින පුවත්පත.

No comments