#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT Online පන්ති Signal ගැටලුවට සාර්ථක විකල්ප විසදුමක්. - .

Header Ads

test

Online පන්ති Signal ගැටලුවට සාර්ථක විකල්ප විසදුමක්.

 

අපි කල්පනා කරා,එකතු උනා...ලංකාවේ දරුවන් වෙනුවෙන් විසඳුම් හෙව්වා!

ඔන්ලයින් අධ්‍යාපනයට තියෙන  බාධා ගැන බලද්දී Band width, latency, and weak reception -බෑන්ඩ් විත් එක, සිග්නල් නැති කම ප්‍රධාන ප්‍රශ්නයක්‌ බව අපිට පෙනී ගියා

රූපවාහිනී නාලිකා තුලින් ළමයින්ට ඉගැන්වීම පහසු වුවත්  දරුවන්ට ඊට වඩා දෙයක් දෙන්න පුළුවන් විදිහක් තිබෙන බව තේරුණා! 

එහෙනං විය යුත්තේ?

අපේ යෝජනාව සරලයි!

USB Flash drive with mobile device adopter -ටැබ්ලට් වලටත් ස්මාට් ෆෝන් වලටත් සෘජුව සවිකිරීමට හැකි යූ.එස්.බී පෙන් ඩ්‍රයිව් එකක් මගින් ළමුන්ට අවශ්‍යය  පාඩම් පටිගත  කර බෙදාහැරීමට කටයුතු කිරීම

සතියකට වරක් ගුරුවරුන්ගේ පටිගතකිරීම් ෆ්ලෑශ් ඩ්‍රයිව් වලට දමා  හැම සතියට හෝ සති 2කට වරක් තැපැල් /ප්‍රාදේශීය නියෝජිතයින් මගින් ළමුන්ට ලබා දී, නැවත අනෙකුත් පාඩම් ලබා ගන්නට  ඒ උපාංගය ම  දරුවන්ට ලඟම තැපැල් ස්ථානය මගින් අපට ලැබෙන්නට සලස්වන්න පුළුවන්. නැතහොත් ප්‍රාදේශීය නියෝජිතයින් මගින් එකතු කර ගැනීමක් කරන්නත් පුළුවන්.

ප්‍රාදේශීයව ගුරුවරුන් හටද කණ්ඩායමක් ලෙස මෙය පහසුවෙන් කරන්න පුළුවන්!

මේ ක්‍රමයේ වාසී,

1. ඩේටා, බෑන්ඩ් විඩ්ත් එක, සිග්නල් ගැන ප්‍රශ්නය ඇති නොවීම 

 2. බොහොමයක් ස්මාට් ෆෝන්, ටීවි, ටැබ්ලට් වලට මෙය පාවිච්චි කිරීමට හැකිවීම

 3. ලංකාව වගේ රටකට මේ මොහොතේ දරන්න පුලුවන් පිරිවැයකින් සතියක් ඇතුලත පටන් අරන් ක්‍රියාත්මක කරන්න හැකි වීම. 

ටැබ්ලට් එකක් අඩුම රු 25,000ක් පමණ උනත්, මේ ෆ්ලෑශ් ඩ්‍රයිව් එකක් උපරිම රුපියල් 3000ක් වෙයි ( 16GB). මෙය දැරිය හැකි පිරිවැයක්‌! ඩේටා පිරිවැය නැතිම තරම්.  අත්‍යවශ්‍යම, අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් හඳුනාගෙන ඔවුන්ට ටැබ් පරිගණක ලබා දෙමු.

මේ වැඩේ තනිව ගෙනයන්න මුල්‍ය හා පිරිස් බලය අප සතුව නැති වුනත් මෙය  ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වන ඕනෑම ආයතනයකට හා රජයේ පාර්ශව වලට උපරිම ලෙස දායක වෙන්න අපි සුදානම්!.

අදහස් යොමුකරන්න, මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ශක්තිය ඇති ඕනෑම කෙනෙකුට පෙනෙන්න ශෙයා කරලා උදව් කරන්න.

රට ගොඩ දාන්න නම් අපි ආණ්ඩුවට බැන බැන විතරක්ම ඉන්නේ නැතුව පාට, පක්ෂ  නොබලා අපේම දරුවන් වෙනුවෙන් එක් වෙමු....

මේ අපේ නිහතමානී ආරාධනයයි..

ස්තුතියි! 

ඉසුරු සුබසිංහ ප්‍රමුඛ කන්ඩායම

Source - Isuru subasinghe fb page.

No comments