#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT අපේ බදු මුදිලින් මෙච්චර ලොකු හමුදාවක් පවත්වාගෙන යන්න දෙන්න බෑ,ගුරු විරෝධය එතැනට හැරවිය යුතුයි. - .

Header Ads

test

අපේ බදු මුදිලින් මෙච්චර ලොකු හමුදාවක් පවත්වාගෙන යන්න දෙන්න බෑ,ගුරු විරෝධය එතැනට හැරවිය යුතුයි.

 

මෙරට වැඩකරන ජනතාව වෙහෙස මහන්සි වී උපයන මුදලින් මහා දැවැන්ත හමුදාවක් පවත්වාගෙන යන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා සඳහන් කරයි.

මෙතරම් විශාල හමුදාවක් අපේ බදු මුදලින් නඩත්තු කිරීමට සූදානම් නොමැති බවද ඔහු පැවසීය.

මෙය මෙරට ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගැනීමට එන මිලිටරිකරන ක්‍රියාවලියක් යයිද ඒ මහතා පැවසීය.

එනිසා කොතලාවල පනත සම්බන්දයෙන් ඇති විරෝධය එතැනට හැරවිය යුතු බවත් ඒ මහතා පවසයි.

ගුරු-විදුහල්පති වැඩ වර්ජනය හා කොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් වූ සම්මන්ත්‍රණයක් අසමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

-Lankacnews.

No comments